ආපදා තත්ත්වයේ බලපෑමට ලක්ව අවහිර වී තිබූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු රථවාහන ධාවනයට අද (15) උදෑසන 7:00 ට විවෘත කෙරිණ.
මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය නාවලපිටිය හා ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව නාවලපිටිය නගර ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් සිදුකෙරිණ.
නයායෑම නිසා මාර්ගයට මහා පස්කන්දක් වැටී තිබිණි. එම පස් ඉවත් කර මාර්ගය සකස් කර තිබේ. භූමිය තවමත් පවතින්නේ අනතුරු දායක තත්වයක බවත්, මාර්ගයට ඉහලින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙනතුරු ආරක්ෂිතව ගමනාගමනයට හැකිවන ආකාරයෙන් මාර්ගයේ නිර්මාණය කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම ස්ථානයේ කටයුතු අවසන් වන තුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයෙ රිය ධාවනය කරවන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ල සිටියි.
දැනට මාර්ගය විවෘතව ඇත්තේ බර වාහන ධාවනයට යම් සීමා පැනවීම් සමගය.







