සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවි සැරියෙන් සමු ගත් තායිලන්ත මවු රැජන…

by editor
ඔක්තෝබර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තායිලන්තයේ රාජාණ්ඩුවේ පශ්චාත් යුධ පුනර්ජීවනයට චමත්කාරය සහ අලංකාරය ගෙන ආ, පසුකාලීනව ඉඳහිට දේශපාලනයට ද පිවිසි, තායිලන්තයේ සිරිකිත් මව් රැජින වයස අවුරුදු 93 දී මිය ගිය බව තායි රාජකීය ගෘහ කාර්යාංශය  අද (25) නිවේදනය කළේය.

2012 දී ඇතිවූ  ආඝාතයක් හේතුවෙන් සිරිකිත්  රැජන ජීවත් වූයේ මහජන අවධානයෙන් බැහැරවය.

රෝග කිහිපයක් හේතුවෙන් ඇය 2019 සිට රෝහල් ගත කර ඇති බවත්, ඔක්තෝබර් 17 වන දින රුධිර ආසාදනයක් ඇති වී සිකුරාදා  රාත්‍රියේ දී මිය ගිය බවත් මාලිගය පැවසීය.

රාජකීය පවුලේ සහ පවුලේ සාමාජිකයින් සඳහා වසරක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

මව් රැජිනගේ අභාවය හේතුවෙන් තායි අගමැති අනුටින් චාන්විරකුල් මැලේසියාවේ පැවති ආසියාන් සමුළුවට ගිය ගමන අවලංගු කළ බව රජයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. .

RelatedPosts

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

රාජකීය අවමංගල්‍යයක් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්විමට නියමිතය..

ලෝකයම වශී කළ විලාසිතා

සිරිකිත් රැජනගේ  සැමියා වූයේ  භූමිබෝල් අදුල්යාදේජ් රජු ය. ඔහු  තායිලන්තයේ දීර්ඝතම රජකම් කළ රජතුමා ය.  ඔහු  වර්ෂ  1946 සිට වසර 70ක් සිංහාසනයේ රැඳී සිටියේය. ඇය දීර්ඝ කාලයක් රැජනගේ භූමිකාව ඉටු කළාය.  ඇය  රජ පවුලේ හදවත්   දිනා ගත් තැනය. එමෙන්ම එකල රජ පවුල් විශේෂ අවස්ථා සඳහා  විදේශගත වූ අවස්ථාවල ඇය ලෝක අවධානය දිනාගත්තාය. එවක රැජනගේ විලාසිතා විචිත්‍රත්තවය ලෝක අවධානයට ලක්වූ අතර අන්තර්ජාතික මාධ්‍යවල ඇය ප්‍රධාන ප්‍රස්තුත සැපයුවාය.

එක් විශේෂ සිද්ධියක් සිහිකළ හැකිය. රාජකීය යුවල 1960 දී එක්සත් ජනපදයට කළ සංචාරයකදී ධවල මන්දිරයේ භෝජන සංග්‍රහයකට ද එක්වන්නට සැලසුම් වී තිබිණි.  එම සංචාරයේ දී ඇයගේ අතිශය ආකර්ශනීය ඡායා රූපයක් සමග  ටයිම් සඟරාව ඇයව හඳුන්වා තිබුණේ  “අලංකාරය” සහ ” ස්ත්‍රීත්වයේ අග්‍ර ඵලය” ලෙස ය.    ප්‍රංශ දිනපතා පුවත්පතක් වන  L’Aurore ඇයව හැඳින්වූයේ  “ආකර්ශනය ” ලෙසය..

තායිලන්තයේ රැජන වූ ප්‍රංශක යුවතිය

1932 දී උපත ලැබූ  , සිරිකිත් කිටියාකර්, ප්‍රංශයේ තායිලන්ත තානාපතිවරයාගේ දියණිය වූවාය. ඇය  ගතකළේ  ධනය හා වරප්‍රසාද ලත් ජීවිතයකි. ඇය පැරිසියේ සංගීතය සහ භාෂාව හදාරන අතරතුර, ඇයට භූමිබෝල් මුණගැසුණේ ය. භූමිබෝල්  ගේ  ළමා කාලයේ කොටසක්  ගතවන්නේ ස්විට්සර්ලන්තයේ ගත කළ බැවිනි. මේ යුවලගේ පළමු දැක්ම ආදරයකට පරිවර්තනය වූ ආකාරය ගැන ඇය වරෙක බීබිසිය වෙත පවසා තිබිණි.

මෙම යුවළ පැරිසියේ එකට කාලය ගත කළ අතර 1949 දී විවාහ ගිවිස ගත්හ. වසරකට පසුව ඇයට වයස අවුරුදු 17 දී ඔවුන් තායිලන්තයේදී විවාහ විය.

සැමවිටම විලාසිතාවෙන් පිරුණු සිරිකිත්, තායි සේද වලින් සාදන ලද ආකර්ෂණීය ඇඳුම් සඳහා ප්‍රංශ ඇඳුම් නිර්මාණකරු පියරේ බැල්මේන් සමඟ සහයෝගයෙන් කටයුතු කළාය. සාම්ප්‍රදායික රෙදි විවීම පිළිවෙත් සංරක්ෂණය කිරීමට සහාය වීමෙන්, තායිලන්තයේ සේද කර්මාන්තය පුනර්ජීවනය කිරීමට උදව් කිරීමේ ගෞරවය ඇයට හිමි වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදත් තද වැසි…  කළු ගඟ ආශ්‍රිතව ගං වතුර අවදානමක්… අත්තනගලු ඔය සහ කැලණි ගඟ ආශ්‍රිත පදිංචිකරුවන්ටත්  අනතුරු ඇඟවිම්!

Next Post

ජලාශ 16ක් වාන් දමයි… රාජාංගනය ජලාශයත් ඒ අතර…

Related Posts

පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!
  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.