කීර්ති ප්‍රනාන්දු –
දිවයින පුරා තද සුළං සහ වැසි අද (31) සහ ඉදිරි දින කීපය තුළදී තරමක් දුරට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ .
එමෙන්ම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 ටවැඩි තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ .
තවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්ක තුළ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ .







