අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියේ ගිලී මිය ගිය සීයාගේ තුන් මාසයේ දානයට පැමිණ දියේ ගිලී මිය ගිය මිනිබිරියන් තිදෙනා…

by editor
නොවැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

 ඊයේ (12)  සූරියවැව මහවැලිකඩආර වැවේ දියේ ගිලී මිය ගියේ   මීට තුන් මාසයකට පෙර දියේ ගිලී මිය සීයාගේ තුන් මාසේ දානයට කුරුණෑගල සිට ඥාතින් සමග පැමිණි එම සීයාගේ මිනිපිරියන් තිදෙනෙක් බව සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ මාලඹේ කොළණිය,පිහිඹුව,කුරුණෑගල ලිපිනයේ පදිංචි කරුවන් වන ඕගොඩපොල කණ්ෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීර, කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිමට නියමිතව සිටි බස්නායක මුදියන්සේලාගේ විශ්මි හංසිකා සහ කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන 18 හැවිරිදි දිලක්ෂි මදුෂිකා හේරත් නැමති සිසුවියන් තිදෙනායි.

සූරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේදි මීට තුන් මසකට පෙර දියේ ගිලී මිය ගිය සීයාගේ දානමය පිංකම 13 දිනට යෙදි තිබූ අතර ඒ සඳහා මිය ගිය දැරියන් තිදෙනා ඇතුළු පිරිසක් 12 වන දින අළුයම 02ට පමණ සූරියවැව මහවැලිකඩආරට පැමිණ තිබුණි.

එළෙස පැමිණි පිරිස අළුයම වන තෙක් ඥාති නිවෙස් කිහිපයක ගතකර   නැවත උදෑසන සිට දානමය පිංකමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිට ඇත. 

එම අවස්ථාවේ කුරුණෑගල සිට පැමිණි දරුවන් පිරිස ප්‍රදේශයේම ඥාති සහෝදරයෙකු සමග මහවැලිකඩආර වැවට ගොස් එහි ඔරු පැද තිබේ. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහිදි පළමුවෙන්ම සිව් දෙනෙකු පමණක් ඔරුව පැද ඇති අතර පසුව එම ස්ථානයට තවත් සිව් දෙනෙකු පැමිණ ඇත. එහිදි එහි සිටි අට දෙනාම එකම ඔරුවක නැගී වැව මැදට ගොස් තිබේ.

මේ ගමන සදහා මාස 08 කුඩා දරුවෙකුද රැගෙන ගොස් ඇත. මාළු ඇල්ලීම සඳහා යොදා ගන්නා කුඩා ඔරුවක මෙම 08 දෙනාම ගොස් ඇති අතර එහි ගිය අය සෙල්ෆි ගසමින් අත් වලින්ද හබල් ගාමින් ඔරුව වේගයෙන් පදවාගෙන වැව මැදට ගොස් ඇති අතර එහිදි එක්වරම ඔරුව පෙරළී ගොස් තිබේ.

එහිදී ඔරුව පැදවු පුද්ගලයා විසින්ම මාස 08ක් වයසැති දරුවා බේරාගෙන ඇති අතර තවත් තිදෙනෙකු දිවි ගලවාගෙන වැවේ පීනමින් සිටියදි එය දුටු අසල්වැසියන් විසින් වෙනත් ඔරුවක ආධාරයෙන් ගොස් ඔවුන්ව බේරාගෙන ඇත. 

එහෙත් ඔරුවේ ගමන් කළ තිදෙනෙකු දියේ ගිලි අතුරුදහන් වි තිබේ. ගම්වාසින් එක්ව පැය ගනනක් අතුරු දහන් දැරියන් සෙවීම සිදුකල නමුත් සොයා ගැනීමට නොහැකි වි ඇත.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට සැලවිමත් සමග පොලිසිය හා පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායම්ද එහි පැමිණ පරික්ෂණ ආරම්භ කෙරුණි. සූරියවැව පොලිසියෙන් කළ දැනුම් දීමකට අනුව කිරින්ද නාවික හමුදාවේ කිමිදුම් කරුවන් කණ්ඩායමක් ගෙන්වා වැව පතුලේ සිදුකල මෙහෙයුමකදී ඊයේ (12) සවස 4.30ට පමණ මියගිය 10 හැවිරිදි දැරියගේ සිරුර පමණක් සොයා ගැනිමට සමත් විය.

ඊයේ සවස් වරුවේ සූරියවැව ප්‍රදේශයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග පැවති අයහපත් කාලගුණය හේතුවෙන් සිරුරු සෙවිමටද දැඩි බාධා එල්ලවි තිබුණි. පැවති අයහපත් කාළගුණය හේතුවෙන් සිරුර සෙවීම නවතා දැමුණු අතර යළි අද (13 )   දින පෙරවරුවේ සිරුරු සෙවීම ආරම්භ කළ අතර එහිදි නාවික හමුදා කිමිදුම් කරුවන් හා ගම්වාසින් හා පොලීසිය එක්ව දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව සිටි ඉතිරි සිසුන් දෙදෙනාගේ සිරුර ගොඩ ගැනීම සිදුකළේය.

ඔරුව පෙරළීමෙන් මාස 08 දරුවා ඇතුළු එක් අයෙකු ප්‍රථිකාර සදහා සූරියවැව රෝහලටද ඇතුළත් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධනේ සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත   ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිරෙන් නිදහස් දෙමළ රැඳවියන්ට ස්වර්ණවාහිනී හිමිකරුගෙන් සුපිරි රාත්‍රී භෝජනයක්!

Next Post

යහපාලනයෙන් දුන් සුරක්ෂා සිසු රක්ෂණයත් කප්පාදු වෙයි !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.