බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියුණු  ජාතික අධ්‍යාපනයක් බිහි කිරීම අපට පොරොන්දුවක් නෙමෙයි… අත් හැරිය නොහැකි වගකීමක්… පාසලේදී ඉතාම සමීපව සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න දුප්පත් පවුලක ඉපදුන මමත්  අද මෙතන නැහැ! අනුර ගුරුවරුන්ට කියයි….

by editor
අගෝස්තු 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නිදහස් අධ්‍යාපනයේ වටිනාකම මෙන්ම අධ්‍යාපන පද්ධතිය රට තුළ සංවර්ධනය කිරීමේ නිශ්ඡිත වගකීම ජාතික ජන බලවේගය තරම් ගැඹුරු ලෙස අවධාරණය කරන වෙනත් කිසිවෙක් නොමැති බවත්,  ඉතාම සීමා සහිත හැකියාවන් සහිත පරිසරයක ඉපදී දරිද්‍රතාවය අත් විඳමින් සිටි අවධියක පාසල් අධ්‍යාපනයේදී ඉතාම සමීපව ආදරය, සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්නට තමන්ද අද මෙවන් තැනක නැති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කීවේය.

“අපි හැදුණේ අධ්‍යාපනය සඳහා යෝග්‍ය පරිසරයක නොවෙයි. ඉතාමත් සීමාසහිත හැකියාවක් සහිත පරිසරයකයි ඉපදුණේ. එයින් ගලවා අපිව ඔසවා තැබුයේ අපේ ගුරු පරම්පරාවයි. අද රට ගිලී තිබෙන ග්‍රාමීය දුප්පත්භාවය විශාල ඛේදවාචකයක්. සතුට නැති, කලහකාරී ග්‍රාමීය ජීවිතයක් තිබෙන්නේ. මේ ව්‍යසනයට ගොදුරු වූ දරුවා එතනින් ඉදිරියට ගෙන එන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන එකම මාර්ගය ඔබ අතේ තිබෙන අධ්‍යාපනය පමණයි. ගුරු මාතාව, ගුරු පියාණන් වශයෙන් ගෞරව ආමන්ත්‍රණය ලබන එකම වෘත්තිය ගුරු වෘත්තිය පමණයි. එනිසා තමයි ඇය මව් වෙන්නේ. ඔහු පියාණන් බවට පත්වෙන්නේ. ” ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (02) මේ කතාව කළේ මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි.

දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රට ශ්‍රී ලංකාව බව පෙන්වා දුන් අනුර කුමා දිසානායක, ඇෆ්ගනිස්ථානයත් අපට වඩා තුන් ගුණයකට වැඩියෙන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන බවත් ඉතියෝපියාව කෙන්යාව,  . කිර්ගිස්තානය,  වැනි රටවල් ඉන්නේ අපට ඉහළින් බවත් පෙන්වා දුන්නේය. මේ තත්ත්වය වෙනස් කරමින් ජාතික අධ්‍යාපනය හරහා ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය කළ හැකි ආකාරය සිය කථාවෙන් පෙන්වා දුන්නේය.
ඔහු මෙසේ ද පැවසුවේය.

මෑත කාලයේ දියුණු වූ හැම රටකම දියුණුවෙ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනයෙනුයි. නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත් අවස්ථාවේ කන්නන්ගර මැතිතුමා කළ කතාවක් අපගේ අවධානයට නැවත ගත යුතු වෙනවා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“ගඩොලින් තනා තිබූ රෝමය කිරිගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසූවා. මිල අධිකව තිබූ අධ්‍යාපනය මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් ලෙස අපට දිස්වූ අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත්කළ බවත් ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත්කළ බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි වූයේ නම් එම ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨද?”

එක් සමාජ කණ්ඩායමකට පමණක් විවෘත කර තිබූ රාජ්‍ය අධ්‍යාපනය සියලු දෙනාට විවෘත කිරීම රෝමය කිරිගරුඬින් නිර්මාණය කළා යැයි කීමට වඩා ශ්‍රේෂ්ඨ බව එතුමා දක්වා තිබෙනවා. මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය අවශ්‍ය මහා වෙනස්කම් කිරීමෙන් පමණයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එක් අවස්ථාවක ප්‍රකාශ කළේ, සිංගප්පූරුව සතු එකම සම්පත මිනිස් සම්පත බවයි. ඒ මිනිස් සම්පත දියුණු කිරීමකින් තොරව සිංගප්පූරුවට අනාගතයක් නැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය තුළින් ඇති කරන මහා වෙනස්කම්වලින් පමණයි. සිංගප්පූරුවේ ශ්‍රම බලකායෙන් 41% උපාධිධාරීන්. එරට ශ්‍රම බලකායෙන් 21%ක් වෘත්තියමය ඩිප්ලෝමාධාරීන්. ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%යි වෘත්තිමය ශ්‍රමය තිබෙන්නේ.

අධ්‍යාපනික වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනඟන්න අපි කැපවෙනවාද යන්න මත මේ රට ඉදිරියට යාම තීරණය වෙනවා. 2017 වර්ෂයේ 9900ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොට ඔවුන්ගෙන් 83%ක් ඉගෙනගෙන තිබෙන්නේ සාමාන්‍ය පෙළට අඩුවෙන්. 64%ක් අටේ පංතියට අඩුවෙන්. නූගත්කම අපරාධවලට හුරුවීමේ සහ අපරාධ කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් 74%ක් අටේ පංතියට පහළ අධ්‍යාපනයක් තිබෙන අය. දුප්පත්භාවයේ රේඛාව සහ නූගත්බවේ රේඛාව එකට ගමන් කරන්නේ. ඒ නිසා අපේ රට ඉදිරියට ගෙන යන වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව ජාතික ජන බලවේගයේ පිළිගැනීමයි. අපේ සැලසුම්වල අංක එක හිමිවෙන්නේ අධ්‍යාපනයටයි.

අසල්වැසි ඉන්දියාව දැනුම උපයෝගී කර ගන්නා අයි.ටී. ක්ෂේත්‍රයේ පංගුව ඩොලර් බිලියන 253ක් කරගෙන තිබෙනවා. අපේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 72යි. ඉන්දියාව ඩොලර් බිලියන 199ක් උපයා ඇත්තේ අයි.ටී. කර්මාන්තයේ අපනයන ආදායම ලෙසයි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. සිංගප්පූරුවේ අයි.ටී. කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 47යි. දකුණු කොරියාවේ එම කර්මාන්තයේ ඩොලර් බිලියන 233යි. වියට්නාමයේ ඩොලර් බිලියන 137යි. මෙයින් කියැවෙන්නේ අධ්‍යාපනය අපේ රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධානතම මෙවලම බවයි.

අපේ රටට අධ්‍යාපනය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අවුරුදු 2000කට වඩා පැරණි සංවිධිත අධ්‍යාපනයක් තිබෙනවා. එනිසා අපට මුවහත් කරමින් ඉදිරියට ගෙන යා හැකි අධ්‍යාපනය ඓතිහාසික වශයෙනුත් අපට සම්බන්ධයි.

දියුණු කළ හැකි, මුවහත් කළ හැකි අධ්‍යාපනයට අදාළ මානව සම්පතක් අපට තිබෙනවා. ඔබේ පාසලට පැමිණෙන දරුවා ලෝකයේ මහා දැනුමත් එක්ක සටන් කළ හැකි ආකාරයෙන් මුවහත් කළ හැකියි. ඈත ගම හෝ නගරය වැනි බෙදීමක් මේ මානව සම්පතට නැහැ. ඒ නිසයි අපි කියන්නේ අපේ ප්‍රමුඛතම කාර්යභාරය අධ්‍යාපනය කියලා.

අද ලෝකය පාලනය කරන්නේ වැඩිම අවි බලය, මූල්‍ය බලය තිබෙන අය වුවත් අනාගත ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණික හිමිකාරිත්වය තිබෙන අයයි. ඒ නිසා පැරණි විනාශකාරී මාර්ගයෙන් මිදෙන්න නම්, අධ්‍යාපනය නැවත නැවතත් මුල්තැන ලෙස ගෙන ජාතික ජන බලවේගය යටතේ ප්‍රමුඛතම රාජ්‍ය වගකීම ලෙස බාර ගන්නවා. ලෝකයේ තිබෙන අලුත් දැනුම ලංකාවට ගෙන එන එක රජයේ වගකීමක්.

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් සේ ගත යුතු බව සමහර අය කියනවා. අපි ඒකට එකඟ නැහැ, දැනුම වෙළඳ භාණ්ඩයක් නොවෙයි. අධ්‍යාපනය ලාභ උපයන මාධ්‍යයක් නොවෙයි. අපේ රටේ 68%කට හරිමහන් ආහාර වේලක් නැතිව තිබියෙදී සල්ලි දීලා අධ්‍යාපනය ගන්න කියන්න පුළුවන්ද? දරුවාට අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ තාත්තාගේ ආර්ථික හැකියාව අනුව නම් එය කිසිසේත්ම යුක්තිසහගත සමාජයක් නොවෙයි. ජාතික ජන බලවේගය තව තවත් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරමින් නිදහස් අධ්‍යාපනය රැක ගන්නවා. යම් කෙනෙකුට පෞද්ගලික අධ්‍යාපනය ලබාගත යුතු නම් රාජ්‍යය විසින් නියාමනය කරන ලද අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබාදෙනවා. විදේශවල තිබෙන නව දැනුම සපයා ගැනීමට කල්පනා කරනවා නම්, ඒ සඳහා ඉඩකඩ තිබිය යුතුයි. කුමන තත්වයක් යටතේ වුවත් අධ්‍යාපනයේ මූලික වගකීම රාජ්‍යය සතු විය යුත්තේ ඇයි කියන්න මූලික දත්ත කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

ඉතියෝපියාව දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.4%ක් අධ්‍යාපනයට වෙන්කරනවා. කෙන්යාවේ එය 4.6%යි. කිර්ගිස්තානයේ 6.21%යි. ශ්‍රී ලංකාවේ 1.2%යි. ඉතියෝපියාවටත් වඩා තුනෙන් පංගුවකටත් අඩුවෙනුයි අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරන්නේ.

මේ කලාපයේ ඇෆ්ගනිස්ථානය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.3%ක්, පාකිස්ථානයේ 1.7%යි, ඉන්දියාව 4.9%යි. නේපාලය 3.6%යි. භූතානය 8.1%යි. බංග්ලාදේශය 2.1%යි. මාලදිවයින 7.6%යි. සාක් රටවල් අතරින් අධ්‍යාපනයට අවම මුදල වෙන්කරන රට ශ්‍රී ලංකාව බවට පත්වී තිබෙනවා.

අපේ ආර්ථික උපායමාර්ගය තවත් කරුණු මෙන්ම අධ්‍යාපනය මත පදනම් වෙනවා නම්, නුපුහුණු ශ්‍රමය වෙනුවට වෘත්තිමය රැකියාවක් සඳහා විදේශ අවස්ථා සොයාගත යුතුයි. අපි ලෝකයෙන් අත්පත් කරගෙන තිබෙන්නේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රමයක් වෙනුවෙනුයි. ලෝකයේ දියුණු ශ්‍රම වෙළඳපොළේ මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක් ඉන්නවා. 2030 වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍ය වෙනවා. මේ නව ඉල්ලුමක් ලැබෙන මිලියන 20න් අපට කොච්චර අත්පත් කර ගත හැකිද කියන දේ එක්කයි අපේ රට ඉස්සරහට යන්නේ. අධ්‍යාපනයට වැය කරන මුදල ක්‍රමානුකූලව වැඩි කරමින් වසර කිහිපයක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.6% ඉක්මවන වැඩපිළිවෙලක් අපි සකස් කර තිබෙනවා. අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම මෙතෙක් අධ්‍යාපනයට වෙන්කරන ලද වැඩිම ප්‍රමාණය වෙන්කරනවා.

ඒ වගේම අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අධ්‍යාපනයේ අලුත් පියවරක් ගන්න නම්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන දක්වා පුළුල් අවකාශයක් සලසනවා. ප්‍රාථමික උපාධියේ සිට තව තල ගණනාවකට ගුණාත්මක උපාධියක් ලබාදීමේ පියවර ජාතික ජන බලවේගය සැලසුම් කර තිබෙනවා. එහි විශාලතම කාර්යභාරය පැවරී තිබෙන්නේ ගුරුවර ගුරුවරියන් වන ඔබ සැමට. ඔබ ඉදිරියට එන සිසු දරුවා සමාජයට වැඩදායී කෙනෙක් බවට පත්කරනවාද, කියන වගකීම තිබෙන්නේ ඔබේ අතේ. මගේ පාසල් අධ්‍යාපනයේදී ඉතාම සමීපව ආදරය, සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න මම අද මෙතන නැහැ. ඒ බව හොඳින් මතක තබා ගන්න. අදත් අප ගැන සතුටු වෙන ඒ ගැන සුබ පතන මගේ දෙකේ පන්තියේ ටීචර් ඉන්නවා.

අපි හැදුණේ අධ්‍යාපනය සඳහා යෝග්‍ය පරිසරයක නොවෙයි. ඉතාමත් සීමාසහිත හැකියාවක් සහිත පරිසරයකයි ඉපදුණේ. එයින් ගලවා අපිව ඔසවා තැබුයේ අපේ ගුරු පරම්පරාවයි. අද රට ගිලී තිබෙන ග්‍රාමීය දුප්පත්භාවය විශාල ඛේදවාචකයක්. සතුට නැති, කලහකාරී ග්‍රාමීය ජීවිතයක් තිබෙන්නේ. මේ ව්‍යසනයට ගොදුරු වූ දරුවා එතනින් ඉදිරියට ගෙන එන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන එකම මාර්ගය ඔබ අතේ තිබෙන අධ්‍යාපනය පමණයි. ගුරු මාතාව, ගුරු පියාණන් වශයෙන් ගෞරව ආමන්ත්‍රණය ලබන එකම වෘත්තිය ගුරු වෘත්තිය පමණයි. එනිසා තමයි ඇය මව් වෙන්නේ. ඔහු පියාණන් බවට පත්වෙන්නේ. දරුවෙක් ඉහළින් සමත් වුණාම සතුටු වෙනවා වගේම අසමත් වුණාම කොතරම් දුක් වෙනවාද? වෘත්තියෙන් මනින්න බැරි, වැටුපෙන් මනින්න බැරි සෙනෙහසක් තිබෙනවා. ආදරය මිශ්‍ර බැඳීමක් තිබෙනවා. ඒ ගුරුවරුන්ට කඳුළු ගෑස් එල්ල කරන්න, පහර දෙන්න බැටන් පාලු මෙහෙයවන ආණ්ඩු මොන වගේ ආණ්ඩුද,
අනික් ගොඩක් වෘත්තීන් කල්පනා කරන්නෙ දරුවන්ව තමන්ට වඩා යටින් තියන්න. ගුරු වෘත්තියේදී කල්පනා කරන්නේ දරුවන් තමන්ට වඩා ගෞරවයක් තිබෙන වෘත්තියක තියන්න. ගුරුවරු කියන්නෙ ඒ වෙනුවෙන් නිර්ලෝභීව මැදිහත් වෙන පිරිසක්.

දරුවන් මෙහෙයවීමෙ නියමු කාර්යභාරය තිබෙන්නේ ගෞරවණීය ගුරු වෘත්තිය තුළයි. ගුරුවර ගුරුවරියන් හටත් අනාගත බලාපොරොත්තු තිබෙනවා. ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, ඇඳුම පැළඳුම් ගන්න වගේ දෛනික වියදම් රැසකුත් තිබෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය මේ රටේත් මුල් පෙළේ වෘත්තීන්ගෙන් එකක බවට ගුරු වෘත්තිය පත් කිරීමයි. නීති රීති, චක්‍රලේඛ හදලා තිබෙන්නේම හොරෙක් අල්ලන්න වගේ ගුරුවරයා දිහා බලන්නයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගුරුවරුන් කෙරෙහි පනවා තිබෙන ‘චෙක් කිරීමේ සංස්කෘතිය’ වෙනුවට ‘අවංකව රට ගොඩනැගීමේ කොටස්කරුවන්ගේ සංස්කෘතියක්’ බවට පරිවර්තනය කරනවා. ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම දරුවාගේ දැනුම වර්ධනය කිරීම වුවත් කොතරම් බාහිර බර පටවා තිබෙනවාද? අපි ක්‍රමානුකූලව ඒ අමතර බර අයින් කරනවා.

අධ්‍යාපනයේ නියැලෙන සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අපි ගුරු සභාවක් නිර්මාණය කරනවා. අධ්‍යාපනයේ ප්‍රමිතිය, මාවත, තීරණය කිරීම එයට පවරනවා. ඒ වගේම මේ යුගයේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ, කිසිදු පාසලක් හෝ පාසල් දරුවන් දේශපාලන පක්ෂයක අවශ්‍යතා වෙනුවෙන් උපයෝගී කර ගන්න ඉඩ තබන්නේ නැහැ. වරාය, ලං.ග.ම., ඛනිජ තෙල්, දුම්රිය මේ හැම එකකම දේශපාලනය පටවා තිබීමේ තත්වයෙන් පාසලවත් වෙන් කරන්න ඕනෑ නැතිද? අපේ දැඩි ස්ථාවරය පාසලත් පාසල් දරුවනුත් දේශපාලන මධ්‍යස්ථානය නොකර ගන්නා බවයි.

ගුරුවරු මාරු කිරීම, උසස් කිරීම ඇතුළු කටයුතු දේශපාලනයෙන් ඉවත් කරනවා. මැති ඇමතිවරුන් සමග එකට හිටගත හැකි සම වගකීම් සහිත තත්වයට ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මන්ත්‍රීලා, ඇමතිලා ඔය සඳලුතලවලින් බිමට බස්සන්න ඕනෑ. පුම්බාගත්, ආරූඪකර ගත් පුරවැසියාට වඩා ඉහළින් ඉන්නවාය කියන ජීවිත පුරවැසියාට සමාන තත්වයට පත්කරනවා.

ඒ සියල්ල වෙනුවෙන් මේ සැප්තැම්බර් 21දා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් විය හැකි සමූහයන් අතර, ප්‍රධානම වී තිබෙන්නේ ගුරුවරුන්. පුනරුද යුගයක් බිහි කිරීමේ මූලික ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස නොබලා වැඩකරමු කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

Next Post

“යුක්තියෙන්” බේරා දෙන්න සැක කරුවෙකුගෙන් අල්ලස් ගත් මහබාගේ සැරයන් අල්ලස් කොමිසමේ අත් අඩංගුවට!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.