සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිමුත්… රට ඉල්ලන්නේ ගෞරවණීය පරාජයක්…

by editor
ජූලි 26, 2023
in පුවත්
Sri Lanka's cricket captain Dimuth Karunaratne leaves the field after being dismissed during the final day of the opening Test cricket match between Sri Lanka and New Zealand at the Galle International Cricket Stadium in Galle on August 18, 2019. (Photo by ISHARA S. KODIKARA / AFP)        (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

Sri Lanka's cricket captain Dimuth Karunaratne leaves the field after being dismissed during the final day of the opening Test cricket match between Sri Lanka and New Zealand at the Galle International Cricket Stadium in Galle on August 18, 2019. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

ක්‍රිකට්වල  ආශ්චර්යය සිදුවන්නේ නැත.  හෙට අනිද්දා දෙක ගලන්නට නොවැස්සොත්   ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරා ගැනීම් දෙකක් ඇත.

  1. ඉනිමකින් පරාජය වෙනවා ද?

  2. ඉනිම බේරාගෙන පරාජය වෙනවා ද?

තරගයේ දෙවැනි දිනය වැස්සට සේදී ගියේය.  දින තුනකින් නිමා වෙන්නට ගිය තරගය වැස්ස නිසා යන්තම් දින හතරකට වැඩියෙන් ඇදෙන ලකුණු පෙනේ. පකිස්ථානය තුන්වන දිනය නිමා වනවිටට ලකුණු 563කි. කඩුළු 05ක් පමණක් දැවී ගොස් ඇත. දැනට පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 397ක් ඉදිරියෙනි.

අසිත ප්‍රනාන්දු ලකුණු 133කට කඩුලු 03කි.  ප්‍රභාත් ජයසූරිය ලකුණු 181කට කඩුළු 02කි.

වඩාගෙන ගහනවා කියන්නේ මේ ගැහිල්ලටය. මේ ගහන්නේ පිතිකරුවන්ගේ තන තීරුවක යැයි කියන්නට කට අරින්නට බැරිය. කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ දිවා ආහාරය නිමා වී ටික වෙලාවකින් පන්දු ඕවර 48ක දී ලකුණු 166කට දැවී ගොස් තිබුණ හෙයිනි.

කිසිම කතාවක් නැත. මේ දිස්වන්නේ  පකිස්ථානයේ ක්‍රිකට් වික්‍රමය ය. ගාල්ලේදී දිනා ගන්නට බැරි වූ තරගය එස්.එස්.සී පිටියේදී පහසු නොවන බව ක්‍රිකට් නාඩිය ඇති ඕනෑම එකෙක් දන්නේය. එහෙත් එය මේ තරම් විනාශකාරී පීඩනයක් වෙතැයි කිසිවෙක් කල්පනා කළේ නැත. මේ ගැහිල්ල ගහන්නේ වඩාගෙනය.  පරාජය වුවත් පිළිගත හැකි සාධාරණ ප්‍රවේශයකින්  පැමිණිය යුතුය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අබ්දුල් ෂාෆිකියු

අපට නොතේරෙන  මොකක් හෝ කෙළවීමක් කෙළ වී තිබේ. මේ ෆේල් වීම ඒ තරම් අස්වාභාවිකය.

ආරම්භක පිතිකරු අබ්දුල් ෂාෆිකියු පන්දු 326කට මුහුණ දී හතරේ පහර 19ක් සහ හයේ පහර 04ක් සමග ලකුණු 201ක් රැස් කරගත්තේය.

ආඝා සලමන් පන්දු 148කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමග නොදැවී  ලකුණු 132කි. තවමත් ඔහු පිටියේ ය. ශාන් මසූඩ් පන්දු 47ක දී ලකුණු 51ක් ලබා ගත්තේය. ගාල්ලේ දී ද්විත්ව ශතකයක් ලබා ගත් සවුද් ශකීල් ලකුණු 57කි. ශකීල් ලෝක වාර්තාවක් තිබ්බේය. තමන් මෙතෙක් ක්‍රීඩා කළ මුල්ම ටෙස්ට් තරග හතේදීම ඔහු ක්‍රීඩා කළ සෑම ඉනිමකම ලකුණු 50 ඉක්මවා ලබමිනි. මුල්ම විදේශ සංචාරයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ දෙවැනි පකිස්ථාන ක්‍රීඩකයා ඔහුය.

ආඝා සලමන්

හෙට දිනයත් ඉතිරිය. අනිද්දාත් ඉතිරිය. මොනවා කරන්නදැයි බලන අපට තේරෙන්නේ නැතිනම් ගහන දිමුත්ලාට උතුර දකුණ මාරුවී තිබෙනවා වන්නට පුලුවන.

දිමුත් කරුණාරත්න නායකත්වයෙන් යන බව කීවත්  මව් රටේදීම මෙතරම් කුජීත වී සමුගන්නට සිදුවහොත් එය අවාසනාවකි. දිමුත් අපට අභිමානවත් ජයග්‍රහණ රැසක් ලඟා කර දුන් නායකයා ය. ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වලදී අවස්ථා ගණනක අංක එකට පැමිණි ක්‍රීඩකයා ය.  තමන් සතුව ඇති ක්‍රිකට් පරිචය, විශ්වාසය සහ නායකත්වයේ වගකීම දරාගෙන නොපෙනෙන ඈත දුරකින් අඳුරු තිතක් සේ ඇඳී මැකෙන තරගය ජය පරාජයෙන් තොරව බේරා ගැනීමට කණ්ඩායම මෙහෙයවීමේ අතිශය සුලු අවකාශයක් දිමුත්ට ඉතිරිව තිබේ.

ක්‍රිකට්වලටම නාකි වූ ඈන්ජලෝ මැතිවුස්,  අනාගතයේ කෝලි වගේ වනු ඇතැයි කී කුසල් මෙන්ඩිස්, බොහෝ අත්දැකීම් සහිත දිනේෂ් චන්දිමාල්, අලුත්ම ටෙස්ට් සොයා ගැනීම වූ  නිශාන් මධුෂ්ක, සධීර සමරවික්‍රම දැන් මේ රටට යුතුකම් ඉටු කළ යුතුය. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ අපි වැන්නන් කෝටි දෙකක් නියෝජනය කරමිනි. ධනංජය මේ තරගාවලියේ දී සිදුකළ හුදකළා සටන නොවන්නට අපි මීටත් වඩා අජූතය.

දැන් රට ඉල්ලන්නේ ජයග්‍රහණයක් නොවේ. ගෞරවණීය පරාජයකි.  දිමුත්… ඔබට එය කළ හැකි ද?

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2022 සිට මේ දක්වා වෛද්‍යවරු දහසකට වැඩි පිරිසක් රට හැර ගිහින්… දැන්වත් විසඳුමක් හදන්න… GMOA ආණ්ඩුවෙන් ඉල්ලයි!

Next Post

පළාත් සභාවලට සෑම ක්ෂේත්‍රයකම සංවර්ධන බලතල ලබා දී මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනයයි… ජනපති කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.