ප්‍රකට ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් සිය දිවි නසා ගත් බවට කරුණු වාර්තාකළ පාර්ශව උසාවියට කැඳවා විවෘත අධිකරණයේ දී කරුණු විමසීමට සූදානම් වේ.
විමර්ශනයේ දී වාර්තා නොවුන කරුණු ප්‍රකාශ කිරීම සම්බන්ධව මෙම විමසීම සිදුකරන බව වාර්තා වේ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් දෙසීයකගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. දින 38ක් ගතවීමෙන් පසුත් මේ මරණය තවමත් අභිරහසක්ව ඇත.
සිද්ධිය සම්බන්ධව පුලුල් විමර්ශන පවත්වාගෙන යන නමුත් මේ වනවිටත් ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි.
පසුගිය දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාර නායකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් අත් පා ගැට ගසා සිය වාහනය තුළ මරණාසන්න තත්තවයෙන් හමුවීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබිණි.







