කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තුන්වන වසරේ තමන් සමග අධ්‍යාපනය ලබමින් සිටි තම සරසවි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ සරසවි පෙම්වතා ඇයව ඝාතනය කිරීම සඳහා ඇයට නොදන්වා ස්ථාන හතරක් වෙත රැගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
245/A/3උස්වත්ත පාර, කොටුවිල, වැල්ලම්පිටිය. කොටුවිල, උස්වත්ත පාරේ පදිංචිව සිටි වික්‍රමගේ පසිදු චතුරංග ද සිල්වා නැමැති මෙම සැකකාර ඝාතකයා පසුගිය සෙනසුරාදා (15) දිනයේ සිය පෙම්වතිය ඝාතනය කිරීමට තීරණය කර ඇති බවත්, අනතුරුව ඔහු කොළඹ කොටුව අලෙවි සැලකින් ඇය ඝාතනය කිරිම සඳහා යොදා ගත් පිහිය මිල දී ගෙන ඇති බවත් විමර්ශන අංශ කියයි.
එම පිහිය බෑගයේ දමාගෙන සරසවියට ගොස් පසුගිය අඟහරුවාදා (17) සිය පෙම්වතිය වූ චතුරි හංසිකා මල්ලිකාරච්චි නැමැති සිය පීඨයේම අධ්‍යාපනය හදාරන පෙම්වතිය ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට ඇය සමග කතා කිරීමට අවශ්‍ය බව පවසා මුලින්ම ඇයව කැටුව සරසවිය පසුපස මාර්ගයෙන් නිදහස් චතුරශ්‍රයේ බංකුවක් වෙත බව හෙළි වී ඇත.
එතැන දී ඝාතනය සඳහා පිහියත් අතට ගෙන සූදානම් වුවත් අවට වැඩිපුර පිරිස නොගැවසුන ද විටින් විට පැමිනෙන පිරිසේ අවධානය යොමු වෙතැයි සැකයෙන් අදහස වෙනස් කරගෙන නිදහස් චතුරශ්‍රය උඩ පීඨිකාව වෙත ඇයව කැඳවාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
නමුත් එතැන පුද්ගලයින් කීප දෙනෙක් සිටින බැවින් ඝාතනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා පෙම්වතිය කැඳවාගෙන තුරග තරග පිටියේ නුග ගහක් යට බංකුවක් වෙත කැඳවාගෙන පැමිණ තිබේ.
එම ස්ථානය ද තරමක් විවෘත බැවින් අනතුරුව තුරඟ තරඟ ක්‍රීඩාංගනය පිටුපස පා පන්දු සම්මේලන ගොඩනැගිල්ලට නුදුරු ලකුණු පුවරුව අසලට කැඳවාගෙන යෑමෙන් අනතුරුව ඇයගේ ගෙල කපා මරා දමා පලා ගොස් ඇතැයි විමර්ශන අංශ කියයි.
ඝාතනයෙන් අනතුරුව මෙම සැකකාර ඝාතකයා ත්‍රී රෝද රථයකින් බොරැල්ලට ගොස් තිබේ. අනතුරුව 154 බස් රථයකින් අලුත් පාලම අසලට පැමිණ කළුපාලම අසලට ගොස් දුම්රියට ගෙල තබා සිය දිවි නසා ගැනීමට දෙවරක් උත්සාහ කර අදහස අත්හැරගෙන සිය නිවසට ගොස් ඇත.
පසුව සිය දිවි නසා ගැනීම සඳහා නිවස අසලින් ගලා යන කැලණි ගඟට පැන්නත් මුල්වර ගිලෙන විට ගැලවී නැවත ගොඩට පැමිණ නැවත වරක් ගඟට පැන්න පසු අසල සිටි පුද්ගලයෙක් පැමිණ ඔහුව බේරාගෙන තිබේ.
තෙත ඇඳම් පිටින් නැවත නිවසට පැමිණ ටික වෙලාවකින් අනතුරුව නිවස සොයා පැමිණි කුරුඳුවත්ත පොලිසිය මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.







