බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන සැක අය ගැන පැවති “උකුසු ඇස“ විමර්ශකයෝ ඉවත් කර ගනිති!

by Lanka Sara Editor
දෙසැම්බර් 26, 2022
in පුවත්
ෂාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අවස්ථාවේදී ගත් ඡායාරූපයකි

ෂාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු අවස්ථාවේදී ගත් ඡායාරූපයකි

Share on FacebookShare on Twitter

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය පිළිබඳ මෙතෙක්  සැකය දැඩිව එල්ල වූ ඒ මහතාගේ සමීපතමයකු සැකයෙන් මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පියවර ගෙන තිබේ.

ඒ අනුව  විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක් ඔස්සේ විර්ශන වෙනත් මඟකට යමින් පවතින බව වාර්තා වන අතර අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙතෙක් කළ විමර්ශනවල අවසාන ප්‍රගතිය බවට පත්ව ඇත්තේ මෙතෙක් ඔවුන් සැක කළ පුද්ගලයන් අතහැර වෙනත් සිදුවීමකින් මෙම මරණය සිදු වූ බව තහවුරු කිරීමය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (24) සවස දිනේෂ් ෂාෆ්ටර් මහතා ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරීක්ෂාවක් කර ඇත. එහිදී එම නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරයේ ඉතිරි කොටසද, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම්වලින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මවගේ නිවෙසේ රූපවාහිනිය සඳහා යොදා තිබූවක් බව කියයි. කේබල් ටයි 08ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති අතර එම කේබල් ටයි හමු වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතය තහවුරු කර ගැනීම සඳහා පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ගේ මතය විමසා ඇතත් ඔවුන් එය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යනුවෙන් ප්‍රකාශ කර ඇති බව අනාවරණය වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය අලුත් මතය තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි මේ වන විට රැස් කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් මේ වන විට සිය සැකය මුළුමනින්ම යොමු කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධ අලුත් මතය තහවුරු කර ගැනීම වෙනුවෙනි.

මෙතෙක් සැකයට ලක් වූ සියලු පුද්ගලයන් සැකයෙන් නිදහස් කිරීමටද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් පියවර ගෙන හමාරය. ව්‍යාපාරික ගනුදෙනුවක් මත හෝ වෙනත් මූල්‍යමය සිදුවීමක් මුල් කරගෙන ඔහුගේ මරණය සිදුව ඇතැයි තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය සාක්ෂි මේ වන විටත් රැස් කරමින් පවතී. ෂාෆ්ටර් මහතාගේ හා පවුලේ අයගේ මෙන්ම ව්‍යාපාරික හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කර ඇත්තේද එබැවිනි.

දිනමිණ (2022-1්‍ර2-26)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් “Christina Collection” නව ආභරණ එකතුව එළි දක්වයි

Next Post

ශ්‍රි ලංකාවේ සමුද්‍ර දූෂණයෙන් සියයට 85ක් පසුපස  සන්නාම 14ක් ! ලොකුම දායකයා  යුනිලීවර් !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.