සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනේෂ් ෂාශ්ටර්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ මණ්ඩලය අතට !

by Lanka Sara Editor
මැයි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

(ලලිත් චාමින්ද )

අභිරහස් අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාශ්ටර්ගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ලබාගත් බැව් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත්කරනු ලැබු පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ සාමාජික ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පවසයි.

දිනේෂ් ෂාශ්ටර්ගේ මූලික පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (26) දින අවසන් කළ බවත් එහිදී වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුරේ කොටස් ලබාගත් බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි. සිරුරෙන් ලබාගත් කොටස්වල පරීක්ෂණ කටයුතු සඳහා සති දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවද හෙතෙම පෙන්වාදෙයි. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් දිනේෂ් ෂාශ්ටර්ගේ සිරුරේ කොටස් ලබාගැනීමට සතිදෙකක පමණ කාලයක් මළ සිරුර තබාගන්නා බවත් ඉන්පසු දේහය ඥාතින්ට භාරදීමට කටයුතු කරන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

අවසාන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ලබාදීම සඳහා මාසයක් හෝ දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාශ්ටර්ගේ මළ සිරුර ගොඩගැනීමෙන් පසු ඉකුත් (25) දින පස්වරුවේදි දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන එනු ලැබීය. එදින රාත්‍රියේම පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පත්කරනු ලැබු පංච පුද්ගල විද්වත් කමිටුව විසින් දිනේෂ් ෂාශ්ටර්ගේ මළ සිරුර සී.ටී ස්කැන් පරීක්ෂණයට ලක්කරනු ලැබීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කොළඹ විශ්වවිද්‍යාලයේ වොහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීය. මෙකී වෛද්‍ය මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන් වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩි.එච්.එස් ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස් .ශිව සුබමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර යන පිරිසය.

Share69Tweet43
Previous Post

Intermittent Fasting වලට (කඩින් කඩ නිරාහාරව සිටිම)  ඔබත් යොමුවෙලාද ? 

Next Post

රත්තරං ගෙනා මන්ත්‍රී අලි සබ්රි නැවතත් ඩුබායි පනී

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.