සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දිනපතා පැය 1 1/2ක් වත් විදුලිය කපන්න – නැතොත් පැය ගාණක් අඳුරට යන්න වෙනවා”

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියයි

by Lanka Sara Editor
ජනවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැන් සිටම දිනකට පැය එකහමාර බැගින් විදුලි කප්පාදු කළ හොත් අඛණ්ඩ විදුලි සැපයුමට හැකියාව ලැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

දවස පුරා විදුලිය සපයා තවත් මාස එකහමාරකින් පමණ පැය ගණනක් රටම අඳුරේ තබනවාට වඩා එය සුදුසු පියවරක් බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලයට දෙන උපදෙසක් ලෙසයි.

එබැවින් දෛනිකව පැය 1 හමාරක පමණ විදුලි කප්පාදුවකට යා යුතු බව බලශක්ති අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙයි.

“විදුලිබල මණ්ඩලයට මට ලබා දෙන්න උපදෙසක් තිබෙනවා. දැන් පැය 24 ම විදුලිය ලබා දීලා අපි සීමිත විදේශ විනිමය අවසන් කර ගත්තොත් අපි තව මාස එකහමාරකින් විතර තෙල් ගේන්න අපට විදේශ විනිමය සපයා ගන්න බැරි උනොත් රට පැය ගාණක අඳුරට යෑමේ අවදානමක් තිබෙනවා. හැබැයි දැන් ඉඳන්ම දවසකට විනාඩි අනූව ගානේ විදුලිය කපා හැරීම සිදු කලොත් වැසි කාලය උදා වන තුරු ම අපට දවසට පැය එකහමාරක් පමණයි විදුලිය කපා හරින්න වෙන්නේ. විනාඩි අනූවක් කියන්නේ දිනකට අපේ ජනතාවට අමාරුවෙන් උනත් ඔරොත්තු දෙන්න පුළුවන්. පැය 24 ම විදුලිය තිබිලා පැය 3ක විතර විදුලිය අහිමි වීමකට වඩා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් මෙසේද කීය.

“විදුලිබල මණ්ඩලය තෙල් අවශ්‍ය බව අපට කීවේ ජනවාරි 13 වැනි දා සිට. ඒ කියපු වෙලාවේ දෙන්න අපට දෙන්න තෙල් තිබුනෙත් නෑ ගෙනත් තොග තියාගන්න තරම් අපට විදේශ විනිමයක් නෑ. ඇත්තටම අපි තෙල් දෙන්නේ නෑ නෙවෙයි දෙන්න තෙල් නෑ. ජනවාරි 13 වැනිදා සිට දිනකට දැනට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබා දෙන්න කියලා තමයි විදුලිබල මණ්ඩලය අපට දන්වා තිබුණේ . ජනවාරි එකොළොස්වැනි දා ඒක කිව්වේ. අපිට ඉල්ලපු ගමන් අනිත් පැත්තට සපයන්න ඩීසල් ළිඳක් ඇත්තේත් නෑ දැවැන්ත තොග ඇත්තෙත් නෑ. ආනයනය කරගන්න ඇති පදමට විදේශ විනිමය ඇත්තෙත් නෑ.

ප්‍රවාහනයට තියන ඩීසල් එක තොග අපි විදුලි නිෂ්පාදනයට දුන්නොත් ප්‍රවාහනය ඇණහිටලා මුළු රටම අකර්මණ්‍ය වෙනවා. ඒ තත්ත්වය පැය කීපයකට විදුලිය කැපීමට වඩා භයානකයි. මොහොතකට හිතන්න රෝගියෙක් අසනීප වුණාම රෝහලකට ගෙනියන්න බැරි බැරි නම් වෛද්‍යවරයාට නිවසේ සිට රෝහලට යන්න බැරිනම්. මිනී මරාගන්න තැනකට පොලීසියට එන්න විදියක් නැත්නම් රට අරාජික වෙන්නෙ නැද්ද?

විදුලිබල මණ්ඩලයට පුළුවන් විදුලිය සැපයීම පාලනය කරන්න. ඒ අයට පැය 24 ම විදුලිය දෙන්න පුළුවන්. පැයක් දෙකක් කපන්න පුළුවන් . පැය විසි හතරක් ම කපනවා යනාදී වශයෙන් විදුලි සැපයුම පාලනය කරන්න පුළුවන්. හැබැයි ප්‍රවාහනයේදී ඉන්ධන සැපයීමේ දී පිරවුම්හලේ එක්කෝ තෙල් ඇත එක්කෝ තෙල් නැත. ඊට අතරමැදි තත්ත්වයක් නෑ. අර පැයක් දෙකක් තුනක් විදුලිය කපනව වගේ අතරමැදි දෙයක් නෑ. ප්‍රවාහනයට ඉන්ධන සැපයීම විදුලියට ඉන්දන සැපයීමට වඩා අභියෝගාත්මක නිසා අපි හැමවෙලේම ප්‍රවාහනයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබා දෙන්න වෙනවා. ඒ නිසයි ප්‍රවාහනයට ඇති සීමිත ඩීසල් තොග අපට විදුලිබල මණ්ඩලයට දෙන්න හැකියාවක් නෑ කියලා දැනුම් දුන්නේ.

ඩොලර් හිගය නිසා මුහුද මැද දවස් නවයක් තිබුණු ඩීසල් තොගයකට මුදල් ගෙවන්න ඊයේ අපට පුළුවන් වුණා. අවශ්‍ය ඩොලර් හොයාගන්න විදුලිබල අමාත්‍යතුමා දැවැන්ත උත්සාහයක් කරලා අපට සහාය වුණා කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒ නැවෙන් බාන ටොන් 37500ක ඩීසල් තොගයෙන් එන් ටොන් 10000ක් විදුලිබල මණ්ඩලයට ලබා දෙන්න කියලා මම තෙල් සංස්ථාවට උපදෙස් ලබා දුන්නා. ඒ තෙල් ප්‍රමාණය දවස් 8 කට ඒ අයට විදුලි නිෂ්පාදනය කරන්න ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව අපි දවසකට දැවි තෙල් ටොන් 2200ක් බැගින් ලබා දෙනවා. අපි අත්සන් කර තිබෙන ගිවිසුමකට අනුව දවසකට ඩීසල් ටොන් 700 බැගින් ෆුජිප්සි කියන විදුලි බලාගාරයට විදුලි නිෂ්පාදනය සඳහා ලබා දෙනවා.

ණයවර ලිපි විවෘත කරන්නෙ නැතුව මුදල් ගෙවන්නේ නැතුව විශ්වාසය මත පදනම් කරගෙන තෙල් තොග ටික ලංකාවෙ වරාය දක්වා ගෙන එන තැනටම තෙල් සංස්ථාව කටයුතු කරලා තිබෙනවා. ඉන් එහාට කටයුතු කිරීම විදේශ විනිමය සපයා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාව මේ මොහොතේ විදේශ විනිමය සපයා සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ දීලා තියෙනවා කියන ඒක අපි හැමෝම දන්න කාරණයක්.

ඊයේ වන විට වසර 4 හමාරකින් පසු වාර්තා වූ ඉහළම ඉන්ධන මිල බොරතෙල් බැරලයක මිල ඩොලර් 87 ක මිලක් වාර්තා වුණා. යුරෝපයේ ශීත ඍතුව නිසා පෙබරවාරි මාසයේ මීටත් වඩා මිල ඉහළ යා හැකි බවට බොරතෙල් බැරලය ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බවට ක්ෂේත්‍රයේ විශේෂඥයන් අනාවැකි පළ කරලා තියෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේවස්ථාන බෝම්බ සිද්ධිය; වෛද්‍යවරයා අත්අඩංගුවට අරන් පොලිසිය ප්‍රසිද්ධ කර ඇත්තේ සෙල්ලම් පිස්තෝල..

Next Post

වික්ටෝරියාව හිඳෙයි… වතුරට විගණනයක් අවශ්‍යයයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.