මධ්‍ය කදුකරය ආශිත ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් දැඩි විමසිලිමත් ස්වභාවයෙන් පසුවිය යුතු බවත් එය පරිසර පද්ධතියට සෘජුව බලපාන බවත් කී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පර්යේෂණ අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වික්ටෝරියා ජලාශයේ ජලය ශීඝ්‍රයෙන් පහළ යාම සම්බන්ධයෙන් කඩිනම් විගනන පරීක්ෂණයක් සිදු කළ යුතු බව කීය.
වෙනත් වසර වලදී මෙවැනි ජලය අඩු වීමක් සිදු වන්නේ අප්‍රේල් මාසයේ වන අතර මෙම වසරේ ජනවාරි මැද භාගය වන විට එලෙස ජලය මට්ටම පහත බැසීමට හේතුව කුමක්ද යන්න කඩිනමින් සොයා බැලිය යුතු බව ද හෙතෙම කීය.
ඇතැම් විට නිසි පාලන තත්ත්වයක් නොමැතිව විදුලිය උත්පාදනයට සහ කෘෂිකර්මාන්තයට ජලය මුදා හැරීමට ඉඩක් ඇති බවද ඉකුත් වර්ෂා කාලයේ දී ප්‍රමාණවත් ලෙස වික්ටෝරියා ජලාශයට ජලය සැපයීම සිදුවූ බව දක්නට ලැබුණු බව ද හෙතෙම කීය.
කෙසේ වුවද වික්ටෝරියා ජලාශයේ ජලය පහත වැටීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලිය යුතු බවකි මහාචාර්ය සේනාරත්න මහතා ජලය සම්බන්ධයෙන් විගණන වාර්තාවක් සැපයීම ඉතා පහසු කාර්යයක් බව ද එවැන්නකින් මෙම ජලය සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි බවද කියා සිටියේය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම වික්ටෝරියා ජලාශය ඇතැම් අර්බුදකාරී සිදුවීම් සිදුවූ විට ජලාශයේ ඉහළින් සහ පහළින් කිලෝමීටර් සවිකොට ජල මට්ටම පිළිබඳ දෛනික දත්ත පරීක්ෂණයක් සිදුකිරීම සඳහා වන උපකරණ සවි කළ යුතු බවට තමා යෝජනා කළ ද ය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ද කීය.
එවැනි දත්ත සටහන්වන උපකරණ සවි කොට තිබුණේ නම් ජලය අඩු වනවිට සහ වැඩිවන විට එසැනින් අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබූ බව ද සේනාරත්න මහතා කීය