බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනපතා දරුවෙක් මහ මග මැරෙන රටක්…. මේ මරණයේ ව්‍යසනය  හෙට ඔබේ දරුවාට  ද?.

by editor
නොවැම්බර් 18, 2023
in පුවත්
kids-on-bikes
Share on FacebookShare on Twitter

අප ශිෂ්ට සම්පන්න ජාතියක් දැයි අපෙන් ප්‍රශ්න කරගත යුතු දිනයක් හෙට එළඹෙන්නේය.  ලෝක  රිය අනතුරු වින්දිතයන් සිහිකිරීමේ දිනය යෙදී ඇත්තේ හෙට (19) ය. යළිත් අපිට අපේ මාර්ග විනය පිළිබඳ බරපතල ලෙස කල්පනා කර නීතියෙන් හික්මවන තෙක් බලා නොසිට ස්වයං වාරණයක් ඇති කරගත යුතු දිනයක් පැමිණ ඇත්තේය.

ලෝකය හෙට සමරන්නේ ලෝකය මහා වාර්ෂික මළගමය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව  සෑම වසරකම ලොව පුරා මාර්ගවල මිනිස්සු දහ තුන් ලක්ෂ පනස් දහසක් මිය යන්නේය. දිනපතා තුන් දහස් හත්සියයක්  පාරේ මැරෙන්නේය. ලෝක රිය අනතුරු වින්දිතන්ගේ දිනය සමරන හෙටත් 3700ක් පමණ ලෝකය වටා මිය යන්නට නියමිතය.

ශ්‍රී ලංකාව ගැන සැලකුවහොත් මිලියන විස්සකට ආසන්න කුඩා ජන ගහණයක් සහිත සාපේක්ෂව කුඩා මාර්ග පද්ධතියක් සහිත මේ දූපතේ දෛනිකව 08 දෙනෙක් මහ පාරේ මිය යන්නේය.  2021 ලෝක බැංකු වාර්තාවට අනුව රට තුළ වාර්ෂිකව සිදුවන රිය අනතුරු ප්‍රමාණය 38 000කි. සිදුවන වාර්ෂික මරණ ප්‍රමාණය 3000කි. සදාකාලික අබ්බගාතවන, ජීවිත කාලය පුරාම අතුරු ආබාධවලින් පීඩා විඳිමින් ගෙවා දමන්නට සිදුවන බරපතල අනතුරු ප්‍රමාණය 8000කි. අනතුරට ගොදුරු වූවන්ගෙන් 90% කට වඩා පදිකයින්, ත්‍රීරොද රථකරුවන් සහ යතුරුපැදිකරුවන්ය.

රටේ දරුවන්ගේ තත්ත්වය

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවුරුදු 19ට අඩු දරුවන් වැඩි වශයෙන්ම මිය යන්නේ රිය අනතුරුවලිනි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඛේදවාචකය වන්නේ අපේ රටේ සිදුවන රිය අනතුරුවලින්    අඩුම තරමින් සියයට 15ක් මිය ගොස් ඇත්තේ අවුරුදු 19ට අඩු පාසල් දරුවන්ද අයත්වන වයස් ඛාණ්ඩයේ පිරිස වීමය. සෑම දිනයකම රටේ මහ පාරක වසය අවුරුදු 19ට අඩු දරුවෙක් හෝ දෙන්නෙක් රිය අනතුරුවලින් මිය යන්නේය.

වර්ෂ 2022 දී රිය අනතුරු නිසා වයස අවුරුදු 19ට අඩු දරුවෝ 400කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් සිටියහ. දළ වශයෙන් එය  සමස්ත රිය අනතුරු මරණවලින් සියයට 16ක ප්‍රතිශතයකි.

තේරුම් ගත යුත්තේ දරුවන් විෂයෙහි මහා මාර්ගය සුරක්ෂිත තැනක් බවට පත් කිරීමට ජාතියක් ලෙස අප අපොහාසත් වී ඇති බවය.  එවැනි විනයක් නිර්මාණය කරන්නට තරම් උසස්  සමාජ දැක්මක්, පරාර්ථයක් අප සතුව තිබී නැති බවය. එමෙන්ම දිනපතා අප විසින් ඒ මරණීය අවදානම වැඩි කර ඇති බව ලෝක රිය අනතුරු වින්දිතයන්ගේ දිනයක් එළඹෙන මොහොතක අප රටක් ලෙස කල්පනා කළ යුතුය.

කිසිම දියුණු සමාජයක් සිහිනයෙන් පවා නොසිතන තරමට අපේ පාසල්‍ ප්‍රවාහන සේවා ගර්හිතය. අනතුරු දායකය. රටේ අබලන්ම පැරණිම ගර්හිතම වාහන යොදවා ඇත්තේ රටේ වටිනාම සම්පත වූ පාසල්  දරුවන් ප්‍රවාහනය සඳහාය. ත්‍රී රෝද රථවල දරුවන් පාසල වෙත රැගෙන එන ආකාරයේ කිසිම ආරක්ෂිත නියාමනයක් නැත. අඩුම  තරමින් පාසලට යතුරුපැදියේ රැගෙන එන තමන්ගේ  දරුවාට හිස් ආවරණයක් පැළඳවීමට විනයක් නැති වැඩිහිටයන්ගේ තරම උදෑසන ලංකාවේ ඕනෑම පාසලක් අසලට ගොස් සිටියහොත් දැක ගත හැකිය. අති බහුතරයක් දෙමව්පිය, වැඩිහිටියන්  දරුවන් යතුරු පැදිවලින් පාසලට ගෙනත් ඇරලවන්නේ  ආරක්ෂිත හිස්වැස්මක් නොපළඳවා අනතුරු දායක ලෙසය.

තමන්ගේ දරුවාගේ ජීවිතය පිළිබඳ  වගකීමක් නැති අම්මලා තාත්තලා වෙසෙන රටක      පාර අයිනේ ගමන් කරන අනුන්ගේ  දරුවෙකුගේ ජීවිත සම්බන්ධව සහතිකයක් දිය හැක්කේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුව ඇත.

සෑම වසරකම  වර්ෂාවසානයේ මරණීය දත්ත ලෙස ප්‍රකාශ වන්නේ මේ වගකීම් රහිත හැසිරීමේ ස්වරූපය ය.

රටේ වගකීම

මහ මග මිය ගිය තරුණයෙක්…

මාර්ග  ආරක්ෂාව පිළිබඳ විනයක් හා පුරුද්දක් සහිත ශික්ෂිත අනාගත සමාජයක් ඇතිකිරීමේ අභිලාෂයක් රටක් ලෙස ඇතිකරගත යුතු මෙහොත එළඹී තිබේ.

එය රටක් ලෙස මේ මොහොතේ අතිශයින් ප්‍රමුඛ වී තිබේ. මිනිසා විසින් නිර්මාණය කරන බිහිසුණුම ආපදාව වන්නේ රිය අනතුරුය. ඉන් සිදුවන සමාජ ව්‍යසනය තවමත් මේ රට තුළ ගණනය කර නැත. නමුත්  ලෝක බැංකුව විසින්    ප්‍රකාශිත මේ ව්‍යසනය රටක ආර්ථිකය බිඳ දමන ආකාරය පිළිබඳව යම්     අදහසක් ඇතිකරගත හැකිය.

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිශ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 89කි. එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 28,500කි. ලෝක බැංකු නිර්නායකයන්ට අනුව මාර්ග අනතුරු හේතුවෙන් රටකට  සිදුවන ආර්ථික  හායනය දළ ජාතික නිශ්පාදිතයෙන්  සියයට 3 සිට 5 කි.

එය අවමය වූ සියයට තුනක් සේ කල්පනා කළද මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂිකව රටට අහිමිවන මුදල රුපියල් බිලියන 855 කි.  ඩොලර් බිලියන 2.67කි.

අප තේරුම් ගත යුතතේ   රටේ ඇඟ බැඳ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ලබා ගන්නා සමස්ථ ණය මුදල ඇමරිකානු ඩොල්ර් බිලියන 04ක් පමණක් බවය.

විදේශ විනියම රහිතව ලෝකය ඉදිරියේ සිඟමනට ඇදවැටුණු රටක් මේ ගර්හිත තත්ත්වය තුළම රඳවා තබා ගන්නට රිය අනතුරුවලින් සිදුකරන අවරෝධය කොපමණදැයි සබුද්ධිකව තේරුම් ගත යුතුය.

මේ සම්බන්ධව රටේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් මේ රටේ විද්වතුන් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක සිටය. ඒ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රමුඛය. එම සංගමය විසින් පසුගිය දා රට තුළ සංවිධානය කළ අන්තර්ජාතික සමුළුවකට  ජනාධිපතිවරයා නියෝජනය කරමින් සහභාගී වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක ලෝකය හමුවේ පොරොන්දු වන්නේ ජනාධිපතිවරයා වගකියන   රිය අනතුරු වැලැක්වීමේ කාර්ය සාධක බලකායක් බිහි කරන බවය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු මේ රටේ දැනුම්වත් විද්වත් පර්ශදය දිගින් දිගටම කීවේ  හෙට දිනයේ අහිමිවීමට නියමිත ජීවිත දහස් ගණනක්  වෙනුවෙන් නිශ්ඡිත ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපෑම රටේ වගකිවයුතු පාර්ශවයන් වෙත සිදුකිරීම සඳහා එවැනි බලයක් සහිත ව්‍යුහයක් රටට අවශ්‍ය බවය. ලෝකය ඉදිරියේ සාගල දුන් පොරොන්දුව ක්‍රියාත්මකවන තුරු රටක් ලෙස අපි බලාගෙන හිඳිමු.

එය එක් කාරණාවකි.

ප්‍රධානම කාලකන්ණිකම වන්නේ රටක් තුළ සිද්ධවන මේ රිය අනතුරු මිනී මැරුම් සාතිශය බහුතරයකට මූලිකම හේතුව වගකීම් රහිත අවිනීත, ඉවසීමෙන්, අනෙකා පිළිබඳ ගෞරවයෙන්,   මනුෂ්‍යත්වයෙන් තොර රිය ධාවනය ය.

හෙට දිනය වැදගත් වන්නේ මොහොතක් නැවතී මිනිසුන් ලෙස අපේ වගකීම කල්පනා කිරීමට දිනයක් එළඹෙන නිසාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ පත්වීම නීත්‍යානුකූල නෑ… අලුත්ම හෙළිදරව්වක්!

Next Post

පවුල් ආරවුලක් දුර දිග ගොස් බිරිය සැමියාට ක්‍රිකට් පිත්තකින් ගසා මරා දමයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.