සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනකට කෝටි 36ක් සිගරට්වලට වියදම් කරන මිනිස්සු ඉන්න රටක්…

by editor
දෙසැම්බර් 13, 2023
in පුවත්
Cancer-Risks-for-Cigarette-Smokers
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, ශ්‍රී ලංකාවේ සිදුවන සෑම මරණ 10 න් 8 ක්ම වළක්වා ගත හැකි මරණ ලෙස වර්ගීකරණය කර ඇත. දුම්කොළ සහ මද්‍යසාර භාවිතය මෙම වැළැක්විය හැකි මරණ සඳහා වගකිව යුතු ප්‍රධාන අවදානම් සාධක දෙකක් ලෙස හඳුනාගෙන ඇති අතර, මද්‍යසාර භාවිතය දිනපතා මරණ 40-50කට පමණ හේතු වේ.

වර්තමානයේ මද්‍යසාර භාවිතය හේතුවෙන් රටේ ආර්ථිකය මත විශාල මෙන්ම අනිසි බරක් පැටවෙමින් පවතී. 2022 වර්ෂයේදී මද්‍යසාර බදු වලින් ලද සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2 කි. එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් 2023 වසරේදී මෙහෙයවන ලද ‘ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය සඳහා වූ ආයෝජන වාර්තාවට’ අනුව එම වසරේ මද්‍යසාර භාවිතය හේතුවෙන් රජයට සිදු වූ සෞඛ්‍ය හා ආර්ථික පාඩුව රුපියල් බිලියන 237කි.

එපමණක් නොව, අප රටේ පුරවැසියන් දිනකට බියර් සහ අරක්කු සඳහා රුපියල් මිලියන 590 ක් ද සිගරට් සඳහා රුපියල් මිලියන 380 ක් ද දළ වශයෙන් වැය කරන අතර, මෙය විශාල සමස්ත ආර්ථික බරක් ඇති කිරීමට තුඩු දෙන කරුණකි.

ADIC ආයතනයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම්…

මෙවැනි තත්වයක් මධ්‍යයේ මද්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන සඳහා තාර්කික බදු ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් මද්‍යසාර හා දුම්කොළ සමාගම්වලින් රජයට බදු ආදායමක් ලෙස ඉපයිය හැකි දැවැන්ත මුදලක් අහිමි වෙමින් පවතී.

මීට අමතරව, ගංජා භාවිතය හේතුවෙන් ද බොහෝ දෙනා විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටිති. ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පිළිගෙන ඇති පරිදි, ගංජා භාවිතයේ ප්‍රතිවිපාක ලෙස යෞවනයන්ගේ සංජානන ක්‍රියාකාරකම් කෙරෙහි ඇතිවන අහිතකර බලපෑම්, මානසික රෝග ඇතිවීමේ අවදානම වැඩි වීම සහ කලලයේ ස්නායු වර්ධනයට ඇතිවන බලපෑම් සුලබ වේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

2024 අයවැය තුළ, මහජනතාව අතර මද්‍යසාර පරිභෝජනය සහ එහි ප්‍රතිවිපාක ඉහළ යාමටත් තුඩු දේ යැයි සිතිය හැකි නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කර ඇත. රට තුළ පවතින මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තුරන් කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමෙන් අනතුරුව, 2024 අයවැය තුළින් මද්‍යසාර භාවිතය ඉහළ නැංවීම උදෙසා යෝජනා කිහිපයක් ඇතුළත් කර තිබීම සැලකීමට බඳුන් විය යුතු කරුණකි. කෙසේ වෙතත්, මෙම යෝජනා නීතිවිරෝධී මද්‍යසාර ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගත් බවට කරන ප්‍රකාශය පිටුපස සැඟවෙමින් රජය විසින් මෙම යෝජනා ගෙන ඇත.

මද්‍යසාර, දුම්කොළ සහ අනෙකුත් මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා කැපවූ වගකිවයුතු සංවිධානයක් ලෙස, සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක්  අවධානයට යොමු කරනු වටී. පහත සඳහන් ප්‍රධාන කරුණු අනුව, අයවැය කියවීමේ ඇතුළත් ඇතැම් කරුණු මද්‍යසාර සහ ගංජා කර්මාන්ත සඳහා වාසිදායක මුල පිරීමක් බව පැහැදිලිවම පෙනී යන කරුණකි.

  • නම්‍යශීලී විවෘත වේලාවන්:

මෙය පැහැදිලිවම මහජනයා හට මද්‍යසාර ලබා ගත හැකි අවකාශය වැඩි කරමින් මද්‍යසාර පරිභෝජනය වැඩිවීමට දායක වන උපාය මාර්ගයකි. තවද, නීත්‍යානුකූල වුවද නීති විරෝධී වුවද, මද්‍යසාර සෑම අංශයකින්ම හානිකර වේ. 1995 දී ද එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින් නීති විරෝධී මද්‍යසාර පානය පාලනය කිරීම සඳහා මුලපිරීමක් ලෙස බියර් මිල 50% ට වඩා අඩු කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස බියර් භාවිතය වැඩි වූ අතර නීති විරෝධී මද්‍යසාර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව, මද්‍යසාර ලබා ගැනීමේ සීමාවන් ශක්තිමත් කිරීම සහ බදු සහ මිල ප්‍රතිපත්ති තුළින් මද්‍යසාර ලබා ගැනීමට ඇති අවකාශ අවම කිරීම, විද්‍යාත්මකව ඔප්පු කරන ලද, රටක් තුළ ස්ථාපිත කළ හැකි වඩාත්ම ඵලදායී මද්‍යසාර පාලන පියවරයන් වන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. මෙනිසා, රටේ සමස්ත මද්‍යසාර පරිභෝජනය අවම කිරීමට රජය අවශ්‍ය පියවර ගත යුතුයි.

  • සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා වන රෙගුලාසි සංශෝධනය:

මෙම සංශෝධනය සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගෙන ඇතත්, සංචාරක ව්‍යාපාරය සඳහා ජනප්‍රිය නොවන ස්ථානවල ද රෙගුලාසි පනවා ඇති අතර, එය මද්‍යසාර බහුලව අලෙවි වීමට මග පාදයි. මෙමගින් මද්‍යසාර භාවිතය ඉහළ යාමත්, ඉහළ යන සෞඛ්‍යය බර හේතුවෙන් මහජන සෞඛ්‍යයට සහ රටේ ආර්ථිකයට සිදුවන සමස්ත බලපෑම පිළිබඳව ප්‍රශ්න මතු කිරීමටත් හේතු වනු ඇත.

  • මෘදු මද්‍යසාර බලපත්‍ර සඳහා ප්‍රතිපත්තියක් හඳුන්වාදීම:

මෘදු මද්‍යසාර පරිභෝජනය දිරිමත් කිරීම තවත් මද්‍යසාර කර්මාන්තයට හිතකර උපාය මාර්ගයක් බව පැහැදිලිය. එය නැවතත් මද්‍යසාර ලබා ගැනීමට මහජනයාට ඇති අවකාශය වැඩි කිරීමට දායක වන අතර, අවසානයේදී මද්‍යසාර පරිභෝජනය ඉහළ යාමට දායක වේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය සහ ආයුර්වේද වෛද්‍ය සහයෝගීතාවය ජාත්‍යන්තර ඉල්ලුම සහිත වෛද්‍ය පැලෑටි සඳහා ආයෝජකයින්ට පහසුකම් සපයනු ඇත:

දේශීය වශයෙන් ගංජා කර්මාන්තය නංවාලීමට බොහෝ උත්සාහයන් දැනුදු ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත්, ගංජා භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු වලින් ඔබ්බට සලකා බැලීමේදී, ලොව පුරාම ගංජා කර්මාන්තය අඩුවන මූල්‍ය ප්‍රතිලාභ සහිතව පරිහානියකට පත් වෙමින් පවතී. මෙනිසා, රට තුළ ගංජා ප්‍රවර්ධනය කිරීමෙන් පැහැදිලිවම ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. එමෙන්ම මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මානසික රෝග සඳහා ප්‍රතිකාර නොලැබීම 67%ක් පමණ වන අතර, ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමත් සමග මානසික සෞඛ්‍ය සේවාවන් කෙරෙහි තව දුරටත් රෝග බර වැඩිවීම දරා ගත නොහැකි වනු ඇත.

පවතින ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම සඳහා නිර්දේශයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ ඵලදායි වැඩපිළිවෙලක් ලෙස මද්‍යසාර බද්ද වැඩි කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කර ඇත. එහෙත්, අයවැය කියවීම්වල මද්‍යසාර සහ ගංජා කර්මාන්තයට හිතකර සංරචක ඇතුළත් වන අතර, IMF විසින් නිර්දේශ කරන ලද පහත සඳහන් නිර්දේශ මෙහිදී සම්පූර්ණයෙන් සලකා බලා නොමැති බව සටහන් කිරීමට කැමැත්තෙමු.

  • මද්‍යසාර සහ දුම්කොළ නිෂ්පාදන සඳහා නිෂ්පාදන බදු 20%කින් වැඩි කිරීම:

පළමු වැඩිවීම දුම්කොළ සහ මද්‍යසාර සඳහා 2023 ජූනී මස සිදු විය. දෙවන වැඩිවීම 2024 ජනවාරි මස අවසානයට පෙර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ.

  • 2024 ජනවාරි වන විට සුරාබදු සඳහා උද්ධමනයට අනුකූල ස්වයංක්‍රීය වෙනස් වන බදු ක්‍රමයක් හඳුන්වා දීම:

සුරාබදු බදුකරණය සඳහා තිරසාර ප්‍රවේශයක් පවත්වා ගැනීම සඳහා මෙය තීරණාත්මක පියවරකි.

මෙම නිර්දේශ සැලකිල්ලට ගනිමින්, වත්මන් අයවැය යෝජනා නැවත සලකා බලා, යෝජිත නීත්‍යානුකූල මද්‍යසාර බදු වැඩිකිරීම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අවධාරණය කර සිටිමු. මෙම ප්‍රවේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් සමඟ සමපාත වන අතර අප රට මුහුණ දී ඇති ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ද ලබා දෙනු ඇත.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන අවුරුද්දේ සිට ශිෂ්‍යත්ව විභාගය සරළ වෙයි!

Next Post

 රට බංකොලොත්වීම නිසා හිරවුන විදේශ ආයෝජන යළිත් රටට – ඉදිකිරීම් ක්ෂේත්‍රයේත් ලොකු පිබිදීමක් – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.