සුමිත් පොතුපිටිය –
කළුතර බන්ධනාගාරයේ සතියක් ඇතුළත මියගිය තුන්වන රැදවියා අද (28) පස්වරුවේ මියගොස් ඇති බවත් ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ බවත් කළුතර උතුර පොලිසිය පවසයි .
පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සි ඩබ්ලිව් .ඒ. පණ්ඩුල නමැති 62 හැව්රිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි. හෙරෝයින් මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිට සැකකරු අද පස්වරුවේ හදිසියේ අසනීපව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කළුතර මල්වත්ත බන්ධනාගාරය විසින් කළ පැම්ණිල්ලක් මත කළුතර උතුර පොලිසිය විසින්ද පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කලුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්තගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීහු පරීක්ෂණ පවත්වති.







