සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදු සංශෝධනය හේතුවෙන් පවුලක මාසික වියදම  රුපියල් 40,000කින් පමණ ඉහළ යනබව කීම බොරුවක්!   

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මාධ්‍යයට කියයි.

by editor
දෙසැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා   ප්‍රකාශ කළාය.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා   මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

තවද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් විය.

දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ  ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා  මෙසේද පැවසුවා ය.

2002 අංක 14 දරණ පනත මගින් වැට් බද්ද පනවා තිබෙනවා. ඒ අනුව එය මෙරටට හඳුන්වා දී වසර 20ක් පමණ ගතවී තිබෙනවා. මුල් අවධියේදී වැට් බදු අනුපාත දෙකක් වශයෙන් පැවතුනත් පසුව එය අනුපාත තුනක් ලෙස සංශෝධනය වුණා. මේ ආකාරයට වරින් වර විවිධ අගයන්වලින් පැවතුණු මෙම වැට් බදු අනුපාතය 2019 වසරේ සිදු කළ බදු සංශෝධන මගින් 8%ක් දක්වා පහත දැමුණා. ඒ හමුවේ රාජ්‍ය ආදායම විශාල ප්‍රමාණයකින් පහත වැටුනා. පසුව එය 15%ක් දක්වා ඉහළ දැමුණා.

වැට් බදු සංශෝධනය

පසුගිය මාසයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුනු වැට් බදු සංශෝධන පනත මගින් 2024 ජනවාරි 01 වනදා සිට වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කර තිබෙනවා. අපට තවදුරටත් සහන මත පදනම්ව ඉදිරියට යාමට අපහසුයි. රාජ්‍ය අදායම ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය කාරණය මත මෙම බදු සංශෝධනය සිදුකර තිබෙන බව කිව යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන බදු ප්‍රතිසංස්කරණ ගණනාවක් පසුගිය කාලය තුළ සිදුකර තිබෙනවා.

2019 වර්ෂය වන විට වැට් බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව මිලියන 15ක්ව පැවතුනා. නමුත් 2020 ජනවාරි 01වන දා සිට එම සීමාව මිලියන 300ක් දක්වා ඉහළ නංවනු ලැබූවා. ඒ සමඟ වැට් බදු සඳහා ලියාපදිංචි වී තිබූ බදු ලිපිගොනු විශාල ප්‍රමාණයක් අක්‍රීය වුණා. නමුත් පසුව එය මිලියන 80ක සීමාව දක්වා පහත හෙළනු ලැබුවා. නව සංශෝධනය අනුව 2024 ජනවාරි 01වනදා සිට එය රුපියල් මිලියන 60ක් දක්වා තවදුරටත් පහතට ගෙනැවිත් තිබෙනවා.

ඒ වගේම බදු නිදහස් කිරීම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට නව සංශෝධනයේදී කටයුතු කර තිබෙනවා. රජයට අහිමි වී තිබූ අති විශාල ආදායම නැවත ලබාගැනීම මෙහි අරමුණයි.

වැරදි අදහස් –

නමුත් ඇතැමුන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැරදි අදහස් සමාජගත කරමින් සිටිනවා. ඇතැමුන් හුවා දක්වනවා ජනවාරි 01වනදා සිට ජීවත් වෙන්න අමාරු බවත්, බදු සංශෝධනය සමග අති විශාල වියදමක් පවුලකට දැරීමට සිදුවන බවත්.

බදු සංශෝධනය නිසා යම් අමතර වියදමක් එකතු වන නමුත් එය ඇතැමුන් උලුප්පා දක්වන තරමේ ඉහළ යාමක් නොවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විටත් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

උදාහරණයක් ලෙස ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද අදාළ වෙනවා. එම භාණ්ඩවලින් වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කර වැට් බද්ද පමණක් පවත්වා ගැනීම මගින් වැට් බද්ද වැඩි වීම මගින් සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කිරීම වැනි සාධනීය පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින පහක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ තුන්වන රැඳවියාත් මරුට!

Next Post

ජනවාරි 01 දා සිට සෆාරි මුවාවෙන් එන රියදුරු මදාවියන්ට යාල තහනම්… ඇතුළුවිය හැක්කේ සහතික ලත් සෆාරි රියදුරන්ට පමණයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.