බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 14කින් මට නඩු දැම්මේ නැතිනම් මම ඔයාට විරුද්ධව නඩු දානවා… වටගල නාමල්ට කියයි!

by editor
සැප්තැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ට එන්තරවාසියක් එවා අපහාස වන්දි රුපියල් බිලයනක් ඉල්ලූ නාමල් රාජපක්ෂ නියමිත දිනයේ දී කොළඹ දිසා අධිකරණයේ අදාල නඩුව පැවරුවේ නැතිනම් හරස් ඉල්ලීමක් කර තමන් නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක් පවරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අද (10) පාර්ලිමේන්තුවේ දී  පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ පසුගිය 07 වැනිදා   මත්කුඩු ජාවාරම් සම්බන්ධව නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් ද පෙන්වමින් සුනිල් වටගල සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව අපහාස නඩුවක් පවරන බවට එවූ එන්තරවාසියක් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී මතුවූ කරුණකට පිළිතුරු දෙමිනි.

එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

මේ ගරු සභාවේ කියැවුනා චානක මන්ත්‍රී තුමා විසින් ඔහුගේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මා වෙත එන්තරවාසියක් එවා ඇති බව. සමාජ මාධ්‍ය පරිහරණය කළාම එන්තරවාසිය සමාජ මාධ්‍යයේ තියනවා. නිල වශයෙන්  මට ලැබිලා නෑ.

එතුමා දාන්න යන්නේ අපහාස නඩුවක්.   මම හිතන්නේ එතුමා  උසාවියේ ප්‍රැක්ටිස් කළේ නැති  නිසා දන්නේ නැතිව ඇති අපහාස නඩුවක ස්වභාවය.   අපහාස නඩුවක ප්‍රධාන ස්වභාවය තමයි ගරු මැතිනියනි අපහාස නඩුවක පැමිණිලි කරුගෙන් විත්තිකරුට ඕනෑම ප්‍රශ්නයක්  අහන්න පුලුවන්. වෙනත් නඩුවල බෑ. විෂයට අදාල කාරණා විතරයි.     විෂයෙන් පරිබාහිර ඕනෑම ප්‍රශ්නයක් අහන්න තියන එකම නඩුව අපහාස නඩුව.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඒක හින්දා විශේෂයෙන්ම පැමිණිලිකරු වීදුර‍ැ ගෙවල්වල ඉන්න හොඳ නෑ. දැන් වීදුරුගෙවල්වල ඉන්න මහත්තයෙක් අපට ඇඟිල්ල දික් කරලා කියනවා දැන් ඔයාට රුපියල් බිලියනයක් ඉල්ලලා එන්තරවාසියක් එව්වා කියලා . මේ එන්තරවාසියේ පිටපතක්  සමාජ මාධ්‍යයකයින් පිටපතක් ගත්තා.

ඒකේ එකම ‍සාධකයයි. චරිතය තමයි විෂය ගත කාරණාව වෙන්නේ. අපහාස නඩුවක් දාන කෙනා පිරිසිදු දෑතින් ඉන්නවා නම් චරිතය තමයි ප්‍රශ්නය වෙන්නෙ.  එතකොට එතුමාගේ චරිතය සුද්ද වෙන්න ඕන.

එතුමාගේ කොලේ ලියලා තියනවා එතුමා එංගලන්තයේ සිටි විශ්වවිද්‍යාලයෙන් නීතී වේදී උපාධියක් ලැබුවා කියලා. මම දැන් යනවා මැතිනියනි හරස් ප්‍රශ්න කීපයක් අහන්න එතුමාගෙන් නඩුව දැම්මට පස්සේ. අපි වගකීමකින් කියනවා. අද ඉඳන් දින 14යි දීලා තියෙන්නේ. මම හිතන්නේ ඒ දිනය ලබන 24 හෝ 25 වෙන්න ඕන.

25 වැනිදා ඔබතුමා  කොළඹ දිසා අධිකරණයේ නඩුව දාන්න. නඩුව දැම්මට පස්සේ මට තියනවා හරස් ප්‍රශ්න කීපයක් අහන්න. මොකද එතුමාගේ මූලික සාක්කිනේ.  ඊට පස්සේ මට තියෙන්නෙ හරස් ප්‍රශ්න අහන්න.

හරස් ප්‍රශ්න අහනකොට මම අහනවා නීතී විද්‍යාලයට ඇතුළත් වීම සඳහා  ඔබ අවම සුදුසුකම් සපුරා ඇත්ද?.  තව අහනවා එංගලන්තයේ  සිටි විශ්වවිද්‍යාලයේ නීති වේදී උපාධිය සත්‍ය උපාධියක් ද.

දෙවැනි එක ඔබ නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත් වීමේ දී වෙනම කාමරයක සිට එම නීති විද්‍යාලයේ නීති විභාගය ලිවීම තුළින් නිසි සුදුසුකම් සපුරා ඇත්ද?

තුන… තාජුඩීන් ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ ඇතුළු ඝාතන රාශියකට ඔබ ඇතුළු ඔබ ඇතුළු ඔබේ පවුල සම්බන්ධ ද?

ඊලඟ ප්‍රශ්නය… ජුලම්පිටිය අමරේ නාමල් රාජපක්ෂගේ බොඩිගාර්ඩ් ද?

අන්තිම ප්‍රශ්නය අහන්නේ. .. එස්.ටී.එෆ් එක හඹා එද්දී  නිමල් ලන්සා නැමැත්තෙකු ඔබතුමාගේ පියා විසින් ඔහුව ආරක්ෂා කිරීමේ මුවාවෙන් බදා ගත්තේ ද?

ඔන්න ඔය හරස් ප්‍රශ්න ටික අහනවා.

මම කියනවා අනිවාර්යයෙන් තව දින 14කින් මේ නඩුව දාන්න. නැතිනම් මම මොකක්ද දන්නවද කරන්නේ.  නඩුවක තියනවා හරස් ඉල්ලීම කියලා එකක්.

මම ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් වන්දි. අන්න ඒක දැනගන්න.

නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල්ගෙන් වටගලට එන්තරවාසියක්… වටගලගේ කුඩු කතාවට නිසැකවම නඩු යන බව නාමල් කියයි….

Next Post

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්  කිරීමේ පනත් කෙටුම්පතට චාමර සම්පත් පමණක් විරුද්ධ වෙයි… වැඩි ඡන්ද 150කින් සම්මතයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.