අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැවැන්ත අපරාධයක් අවුරුදු 05ක් සඟවාගෙන සිටිමත් බිහිසුණු අපරාධයක්.  දේශද්‍රෝහියාට එරෙහිව නීතිය ඉදිරියට යනවා… සිරිල් ගාමිණී පියතුමා කියයි!

Claims that concealment of a crime that took many lives is even a bigger crime

by editor
මාර්තු 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අපරාධයක් සැඟවීමත් අපරාධය හා සමාන වරදක් බවත්, රටේ  හිටපු ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමතිවරයා රටේ සිදුවූ බිහිසුණුම සමූහ ඝාතනය වසර පහක් තිස්සේ සඟවාගෙන සිටී නම්   දේශබන්දුලා කළ යුත්තේ මේ දේශද්‍රෝහී  පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කරගෙන උසාවියට කරුණු වාර්තා කර ඉදිරි කටයුතු කරගෙන යෑම බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

ලංකාසර කළ විමසුමක දී සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කීවේ යුක්තිය යනු කුඩු ඇල්ලීම පමණක් නොවන බවත්, පොලිසියේ කාර්යභාර්ය කුඩු මෙහෙයුම්වලට සීමා නොවන බවත් දේශබන්දු තෙන්නකෝන් වෙත දන්වා සිටින බවය.

යුක්තිය ඉටුවනතුරු බලා සිටින බව කී සිරිල් ගාමිණි පියතුමා මේ ප්‍රකාශය සම්බන්ධව නීතිය ඉදිරියට යෑමට සියලු කටයුතු කරන බව ද කීවේය.

සිරිල් ගාමිණී පියතුමා ලංකාසරට  කීවේ මෙවැන්නකි.

අපරාධයක් දැනගෙන සඟවාගෙන සිටීම අපේ නීතියට අනුව අපරාධමය වරදක්.   අපරාධයක් වසන් කිරීමත්  අපරාධය හා සමාන වරදක්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හරිනම් දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්න ඕන එයාව ගෙන්වලා ප්‍රශ්න කරලා ප්‍රකාශයක් අරන් උසාවියකට වාර්තා කරලා ඉදිරි කටයුතු කරන එක.

කවුරුහරි මිනී මැරුමක් කරනවා දන්න සාක්ෂියක් තියනවා නම් දැක්කා නම් හරියටම දැනගත්තා නම් ඒ බව දන්නවා කියලා සාමාන්‍ය මිනිහෙක් කිව්වා නම් පොලිසිය කරන්නේ මොකක්ද?. එය මේ පුද්ගලයා වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි.

හිටපු  ජනාධිපතිවරයාගෙ මෙම ප්‍රකාශයෙන්  තේරුම් ගන්න පුලුවන් කාරණා කීපයක් තියනවා. මේක පිටිපස්සේ සහරාන් හැරෙන්න තව කට්ටිය ඉන්නවා කියන එක. අපි කතා කළ මහමොළකරුවාගේ අදහස මේ කියන කතාවෙන් ඔප්පු වෙනවා.

මේ අපරාධයවන අවස්ථාවේ  ජනාධිපතිවරයා හැටියට එයා හිටියේ. එයා ආරක්ෂක ඇමති ලෙස හිටියෙ. ඒ අපරාධය සිදුවූ අවස්ථාවේ දී  රටේ ජනතාව පිළිබඳ වගකීම රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම තිබුනේ මේ පුද්ගලයා යටතේ .  එවැනි පුද්ගලයෙක් මේක සඟවාගෙන ඉන්නවා කියන්නේ ඒක ඇත්තටම දේශද්‍රෝහී කමක්.

අප දන්නවා මේක සමූහ ඝාතනයක්. 273ක් ඝාතනය කළා. අවුරුදු 05ක් තිස්සේ මේකට අසරණ මිනිස්සු  වද වෙනවා. මිනිස්සු දුක් විඳිනවා. වේදනා විඳිනවා. එහෙම තියෙද්දි මේ වගේ පුද්ගලයෙක් මේක  අවුරුදු 05ක් තිස්සේ සඟවාගෙන ඉන්නවා කියන්නේ  මොනතරම් බරපතල තත්ත්වයක් ද?. රටේ නීතිය නිවැරදි නම් මේ වනවිට එයා ඉන්න ඕන රිමාන්ඩ් එකේ.

දැන් අපි ප්‍රකාශ කළ විදිහටම මේ ප්‍රහාරය පසුපස බොහොම පැහැදිලිව කුමන්ත්‍රණයක් තිබුණා කියන එක පෙනෙනවා. දැන් සී.අයි.ඩී එකෙන්  මොහුව අත් අඩංගුවට ගත යුතුයි. දේශබන්දුලා මහා හයියෙන් කෑ ගහනවා යුක්තිය කියලා. යුක්තිය කියන්නේ කුඩු අල්ලන එක විතරක් නෙමෙයි. පොලිසියේ කාර්ය භාර්යය කුඩු ඇල්ලීම පමණක් නොවෙයි.

අපි යුක්තිය වෙනුවෙන් වැඩ කරනවා කියලා දැන් ඔහු  පෙන්වන්න ඕන.

මේ සම්බන්ධව  නීතිමය පැත්තෙන් අනිවාර්යයෙන් කටයුතු කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Next Post

විදුලි පංකාවක් කඩා වැටීමෙන් සිසුන් දෙදෙනෙක් මහනුවර රෝහලේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.