“දැන් එයා අපේ කෙනෙක්..එයාට ඇමැතිකම ගැන කිසිම කැමැත්තක් නැ..ඉදිරි ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා විජයදාස ඇමතිවරයා” යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (1) පැවසීය.
අද පැවති කම්කරු දින සැමරුම් උත්සවයක දී මාධ්‍ය වෙත අදහස් දැක් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යද්දී ආණ්ඩුවේ ඇමතිවරයෙක් තම පක්ෂයට ගත් බවත් ඔහුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තවමත් තමන් වුවද අධිකරණය මගින් තමාට වාරණ නියෝගයක් දමා ඇති බවද හෙතෙම පැවසීය.







