සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැඩි සුළං නිසා විදුලි බිඳවැටීම් 7000ක්

by Lanka Sara Editor
ජූලි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල

දිවයින ආශ්‍රිත ව පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් 10 වැනි සෙනසුරාදා උදෑසන වන විට විදුලිය බිඳ වැටීම් 7355 ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 08 ක ස්ථාන 27කට මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයන් ඇති වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවට මිලිමීටර් 193.25ක ද ලංකාගමට මිලිමීටර් 177.00ක ද රත්නපුර දිස්ත්‍රික්කයේ කලවානට මිලිමීටර් 183.50ක ද දොළොස්වල වතුයායට මිලිමීටර් 164.50ක ද වැසි ඇති වී ඇති අතර එකී දිස්ත්‍රික්කවල මෙන් ම කොළඹ, කලුතර, මාතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල දිස්ත්‍රික්කවල ද මෙසේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වී තිබේ.

ඒ අනුව කලු ගඟ ආශ්‍රිත ව රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇලපාත ප්‍රදේශවල ද කැලණි ගඟ ආශ්‍රිත ව රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල, දෙහිඕවිට ප්‍රදේශවල ද ගිංගඟ ආශ්‍රිත ව වැලිවිටිය, දිවිතුරා, බැද්දේගම, කොටපොළ, නියාගම, නෙලුව, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, බෝපේ, පෝද්දල ප්‍රදේශවල ද නිල්වලා ගඟ ආශ්‍රිත ව පණඩුගම ප්‍රදේශවල ද පහත් බිම් රැසක් ජලයෙන් යට විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර දිස්ත්‍රික්ක 08කට නායයාම් අනතුරු නිකුත් කර ඇති අතර ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, ඇල්පිටිය ද කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත, මතුගම, බුලත්සිංහල ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල, දැරණියගල, යටියන්තොට, බුලත් කොහුපිටිය ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ද රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කළවාන, කොළොන්න, කුරුවිට, ඉඹුල්පේ, රත්නපුර, අයගම, ගොඩකවෙල, ඇළපාත, නිවිතිගල ද කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, සීතාවක ද මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස, මුලටියන, අතුරළිය ද මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ ද නායයාම් අවදානම් ප්‍රදේශ බවට අවධාරණය කර ඇත.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනුයේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අවධානම් බවයි.

තද සුළං හා වැසි තත්ත්වය බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, උතුර, උතුරු මැද පළාත් ආශ්‍රිත ව තවදුරටත් විටින් විට පවතින බවත්, නිරිතදිග මෝසමේ සක්‍රිය තත්ත්වයක් මීට හේතු වී ඇති බවත් ඔවුහූ පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගැනීම් නීති විරෝධීයි… බලපෑම්වලට වැඩ කරන්න ගිහින් පොලිසියට වන දේ ගැන පොලිසිය කියයි…

Next Post

සංචරණ සීමා තවත් ලිහිල් වෙයි – පළාත් අතර සීමාව තවදුරටත්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.