දෙරට අතර එකඟතාවන්ට එළැඹ ද්වී පර්ශවීයව ගනු ලබන තීරණ පිළිබඳ දෙරටේ ජනතාව නිවැරදිව දැනුම්වත් කළ යුතු බවත්, එම ගිවිසුම්වල වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා සමග පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පවසන්නේ අද ( 05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දීය.
ඒ හමුවීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








