අද (18) පස්වරුවේ දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය ඔස්සේ දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළුවන්නට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසල ප්‍රවාහන ලොරි රථයක තිබී ටී 56 ගිනිඅවි සඳහා භාවිතා කරන උන්ඩ කොපු 32ක් සොයා ගෙන තිබේ.
කසල ප්‍රවාහන රථයේ රියදුරු සහ රිය සහායක දෙදෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
රජවීදිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් මෙම ලොරි රථය ඇතුළුවීමට පෙර කළ පරීක්ෂාවක දී ලොරි රථයේ තිබූ කුඩා ප්‍රමාණයේ පොහොර උරයක මෙම පතොරොම් කොපු 32 හමු වී තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ගේ අධීක්ෂණය යටතේ දළදා මාලිගා පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.සේනාධීර ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.







