සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා පෙරහර මංගල්‍යයට අලි ඇතුන් හිඟයි… බස්නායක නිලමේවරු බරපතල අවුලක!

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණය මගින් ලබා දී තිබෙන වාරණයක් හේතුවෙන් පසුගිය වසරේ දී පෙරහර ට සම්බන්ධ කරගත් අලි ඇතුන් 16 දෙනෙකු ගේ සේවය මෙවර මහනුවර ඇසළ පෙරහරට ලබා ගැනීමට නොහැකි වී තිබෙන්නේ යැයි බස්නායක නිළමේවරුන් ගේ සංගමයේ සභාපති, මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර පවසයි.

පත්තිනි දේවාල නියෝජනය කරමින් පළමු කුඹල් පෙරහරේ ගමන් කළේ අලි පස් දෙනෙකු පමණක් බවත් පෙරහරට ගෙන එන ලද එක් අලියෙකු මේ වනවිට මද කිපී සිටින බවත් ඔහු පවසයි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසරේ දී පින්නවලින් අලි සිව් දෙනෙකු පෙරහරට ලබාදුන් නමුත් හස්ති පාලකයින් නොමැති නිසා මෙවර එම අලි ඇතුන් ලබා දීමට හැකියාවක් නොමැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙන බවත් මේ හේතුවෙන් සිව් මහා දේවාල බස්නායක නිළමේවරු බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බවත් බස්නායක නිළමේවරයා කීවේය.

වෙනත් වසර වල සතර මහා දේවාල නියෝජනය කරමින් අලි ඇතුන් පනහකට ආසන්න පිරිසක් ගමන් කරන නමුත් මෙවර එය 22 කට පමණ සීමා වී ඇතැයි ද රජය වහා මැදිහත්ව මේ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් නොගතහොත් අනාගතයේ දී පෙරහර කිරීමට සිදුවන්නේ අලි ඇතුන් නොමැතිව යැයි ද ඔහු පැවසුවේය.

සාමාන්‍යයෙන් පෙරහර මංගල්‍යය සඳහා විෂ්ණු දේවාලයට අලි ඇතුන් 15 දෙනෙකු අවශ්‍යය වුවත් මෙවර මේ වනවිට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ අලි ඇතුන් 09 දෙනෙකු පමණක් යැයි එම දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ පවසයි.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

නාථ දේවාල බස්නායක නිළමේ එස්.බණ්ඩාරනායක පැවසුවේ නාථ දේවාලයේ දේවාභරණ වැඩම කරවීමට සිටි මුතුරාජා ඇති මියගිය පසු දැන් දේවාභරණ අලියෙකු මතින් වැඩම කරවීමට සිදුව තිබෙන බවයි.
හීලෑ අලි හිඟය සම්බන්ධව පෙරහර සංදේශය මගින් සෑම වසරකම ජනපතිවරයා ට දැනුම් දීමක් කරන නමුත් ප්‍රශ්නයට මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බව ද ඔහු පැවසුවේය.

බස්නායක නිලමේවරයෙකු ලෙස තමන් කටයුතු කර තිබෙන කාලය තුළ ජනාධිපතිවරු පස් දෙනකුට මෙම දැනුම් දීම පෙරහර සංදේශය මගින් දියවඩන නිලමේවරයා සිදුකර තිබෙන බවද ඔහු පැවසුවේය.

රත්නපුර මහ සමන් දේවාල පෙරහර මහනුවර ඇසළ මංගල්‍යය එකම දින වකවානු වල යෙදීම නිසා රටේ දැනට සිටින අනූවක් පමණ වන හීලෑ අලි ඇතුන් පෙරහර දෙකට බෙදී ගොස් තිබෙන බවත් මේ නිසා මහනුවර සතර මහා දේවාල වලට ප්‍රමාණවත් තරම් අලි ඇතුන් නොමැතිව පෙරහර කරන්නට සිදුව තිබෙන බවත් මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ පැවසුවේය.

පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කිරීමට අවශ්‍යය පහසුකම් ලබාදීම රජයේ වගකීම බවත් එදා රජ දවස පටන් එම කාර්යය සිදුව තිබෙන බවත් කී ඒ මහතා මෙම ගැටලුව පිළිබඳව වහා රජයේ අවධානය යොමු විය යුතු යැයි ද ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චමරි නැතිව ගිහින් අපේ කෙල්ලො ටික අයර්ලන්තයට ක්‍රිකට් එපා වෙන්න ගහපු හැටි! කඩුළු 7ක සුපිරි ජයක්…

Next Post

සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා තෝරගන්න බැරිව TNA මධ්‍යම කාරක සභා රැස්වීම ගාලගෝට්ටියක් වෙයි… කන් පිරෙන්න කුණුහරපා කියාගෙන…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.