පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ.
විශාල සරසවි ශිෂ්‍ය ප්‍රජාවක් විරෝධතා පා ගමනකින් පැමිණ පාර්ලිමේන්තුව අසල මාර්ගය මුලුමනින්ම අවහිර කර සිටිති.
දියත උයන ප්‍රදේශයේ සිට පැමිණි මෙම පිරිස වැලැක්වීමට පොලිසිය දැමූ මාර්ග බාධක පෙරළාගෙන පැමිණි මෙම දහස් සංඛ්‍යාත තරුණ විරෝධතාකරුවෝ මේ වනවිට පාර්ලිමේන්තුව අභියසය.
අති විශාල පොලිස් බලමුළුවක් පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවා ඇත. ඔවුන් ගෑස් මුහුණු ආවරණ පැළඳ ප්‍රහාරයක් සඳහා සූදානමින් පසුවෙති.
පොලිස් කැරලි මර්ධන ඒකක මෙන්ම ජල ප්‍රහාරක රථද කැඳවා ඇත.








