බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවසකට ලක්ෂ ගණන් දළදා වැඳලා නෑ… බොරු දත්ත සිරි දළදා වන්දනාව අවුල් කළ හැටි…. !

by editor
අප්‍රේල් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැනට දළදා වැඳලා තියෙන්නේ 4, 21000යි… වැඩිම ප්‍රමාණයක් දළදා වැඳලා තියෙන්නේ අද… අද වැඳලා තියෙන්නේ 68000යි…

  • දවස් 8ට ආබාධිත අය සහ VIP කට්ටිය 56000කට වැඩි ප්‍රමාණයක් දළදා වඳින්න ගිහින්… සෑම දිනකම ආබාධිත ඇත්තන් VIP ලොක්කන් එකම පෝලිමේ ගිහින් දවසකට 7000කට වැඩිය දළදා වැඳලා…

  • 80,000ක් පෝලිම්වල සිට හැරී ගිහින්…. දැනට පෝලිම්වල ඉන්න අයගෙන් හතරෙන් එකකටත් දළදා වැඳගන්න අවස්ථාව නොලැබීමේ අවදානමක්

සිරි දළදා වන්දනාව මිනිසුන් පෙළන වියවුලක් බවට පත්වුනේ ව්‍යාජ සංඛ්‍යාලේඛන සහිතව මාධ්‍ය හරහා සිදුකළ අවිද්‍යාත්මක ප්‍රකාශන බව මේවන විට අනාවරණය වී තිබේ.

සිරි දළදා වන්දනාව සම්බන්ධව නිල දත්ත සපයන පේදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ජයලත් එදිරිසිංහ ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය විසින් දියත් කළ සංගණනයට අනුව ලක්ෂයකට අධික පිරිසක් දළදා වන්දනා කරගත් බව කියන සිරි දළදා වන්දනාව ආරම්භක දිනයේ දී සවස 3.30 සිට 5 දක්වා දළදා වන්දනා කර ඇත්තේ 17500ක් බව තහවුරු කරයි. පොලිසිය කළ ප්‍රකාශයන් අනුව අප විසින් ද වාර්තා කරන්නට යෙදුනේ ලක්ෂයකට ආසන්න පිරිසක් දළදා වන්දනා කළ බවය.

පොලිසියේ ඇතැම් නිලධාරීන්, ඇතැම් ශාසන භාරධාරී භික්ෂූන් සවකීය අභිමතය පරිදි ප්‍රකාශ කළ සංඛ්‍යාලේඛන නොවිමසා වාර්තා කළ මාධ්‍ය නිසා ඉතා පහසුවෙන් දළදා වන්දනාවට ඉඩ හසර සැලසෙන බවට ඇති වූ ජනතා ආකල්පය මේ තරම් ජනතාවක් සිරි දළදා වන්දනාවට ප්‍රවේශ වීමට මූලික හේතුව වී ඇති බව  දත්ත විශ්ලේශකයින් පෙන්වා දී ඇත.

පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා කාලය තුළ සෑම දිනකදීම පෝලිම්වල සිට දළදා වන්දනා කර ඇත්තේ දළ වශයෙන් හතලිස් අට දහසත් පනස් පන් දහසක ප්‍රමාණයක් බවත්, ආබාධිත ප්‍රජාව සහ දියවඩන නිලමේ ඇතුළු දළදා භාරකාරිත්වයේ ද රාජ්‍ය නිලධාරීන්ගේ ද අනුග්‍රහය ලද විශේෂ පිරිස් සෑම දිනකම 7000 -10000ක් අතර ප්‍රමාණයක් VIP පෝලිම් හරහා දළදා වන්දනා කර ඇති බවත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය අනාවරණය කර ඇත. එම දත්ත අනුව මේ දින 08 තුළ විශේෂ පෝලිමක ගොස් දළදා වදිනු ලැබූ ආබාධිත සහ VIP ප්‍රජාව පනස් දහසක් ඉක්මවා ගොස් තිබේ.

අද දිනය තුළ 68000ක් සහ ඊයේ දිනය තුළ 55000ක් දළදා දැක වන්දනා කර ඇති අතර මේ දින 08 දීම වැඩිම සංඛ්‍යාවක් දළදා වන්දනා කර ඇත්තේ අද දිනයේ ය. මේ වනවිට දළදා වන්දනා කර ඇති සමස්ථ බැතිමතුන් පිරිස 421000කි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කෙසේ වෙතත් මේ තත්ත්වය නිසි ලෙස වාර්තා නොකර රටේ ප්‍රධාන මාධ්‍ය ලක්ෂ ගණන්වලින් දළදා වන්දනා කළ බවට වාර්තා කිරීමත් දළදා වන්දනාවේ පෝලිම්වල යථාර්ථය වෙනුවට දළදා වන්දනාකර යන අයගේ ආශ්චර්ය අතිශයෝතියෙන් දැක්වීමත් හේතුවෙන් පෙරේදා (23) වනවිට ලක්ෂ තුනකට අධික පිරිසක් පෝලිම්වලට එක්වීම සමග සමස්ථ පාලනය සංවිධායකවරුන් අතින් ගිලිහී යන තත්ත්වයක් ඇති විය.

ඒ සමගම පෙරේදා දිනයේ සිට නුවරට එන වන්දනා බස් රථ වැළැක්වීමට පොලිසිය තීන්දු කළේය. මේ වනවිට දළදා වන්දනා පෝලිම්වලට නව කණ්ඩායම් එක්වීම වළක්වා දළදා වන්දනාව 27 දා නිමාවන බවට නිල ප්‍රකාශයක් ද සිදුකර තිබේ. මේ අතර පොලිම්වල සිටි අසූ දහසකට ආසන්න පිරිසක් පෝලිම් හැර ගොස් තිබිණි. තවත් හැත්තෑ දහසකට අධික පිරිසක් පෝලිම්වලට එක් වීමට ඉඩක් නොමැතිය අතර මගින් හරවා යවා තිබිණි.

සංගණන දත්ත ප්‍රකාරව අද උදේ 10වන විට පෝලිම්වල සිටි පිරිස 2,14000කි. අද දළදා වන්දනාවෙන් පිටව ගිය පිරිස සමග විශාල වශයෙන් පෝලිම්වලට ජනතාව එක් වී නොමැති බැවින් මේ වනවිට දළ වශයෙන් පෝලිම් තුනේම එක් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් සිටින බව වාර්තා වේ. මේ වනවිට මහනුවරට විටින් විට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව දරාගෙන මේ පිරිස් පෝලිම්වල සිටිති.

ඉදිරි දෙදින තුළ මේ පිරිසට දළදා දැක වන්දනා කිරීමට ඇති අවස්ථාව ද තීරණාත්මක වන්නේ පිට පාරෙන් පැමිණ දළදා වඳින පහළොස් දහසක් විසි දහසක් සම්බන්ධව ගණනය කළහොත් දිනකට හැත්තෑ දහසක උපරිමයකට යටත්ව වුවද දළදා වන්දනා කිරීමට ඉඩ හසර සැලසෙන්නේ එක් ලක්ෂ විසි දහසකට පමණක් වීමය.

පෝලිම්වල සිටින පිරිසෙන් දළ වශයෙන් හතලිස් දහසකට දළදා වන්දනාවට ඉඩ හසර නොලැබෙන වාතාවරණයක් දැනටමත් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ පෝලිම්වල සිටිනා සියලු දෙනාට දළදා වන්දනාව සඳහා ඉඩ හසර සලසා දෙන ලෙසය.

රටක් තීන්දු ගන්නේ දත්ත මතිනි. වැරදි දත්ත මත සමාජය හැසිරෙනවිට සහ නිලධාරීන් ලබා දෙන වැරදි දත්ත මත රජයක් තීන්දු ගන්නා විට අවසානයේ කුණු බැනුම් අහගන්නේ ආණ්ඩුවය. ප්‍රොජෙක්ට් පිටින් ෆේල් වී රටටත් කෙළවෙන ඉතිහාසයක් මේ වැරදි දත්ත සපයන නිලධාරීන් නිසා රට අත් විඳ තිබිණි.

එහෙත් දත්ත වැරදි ලෙස භාවිතයේ ව්‍යසනය මෑත කාලයේ දී මිනිස්සු අත් විඳි හොඳම අවස්ථාව සිරි දළදා වන්දනාවය. වෙනසකට ඇත්තේ මෙවර වැරදි දත්ත මත ජනතාවට ඇන්නුවේ ආණ්ඩුව නොව, මාධ්‍යය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොර සහනාධාරය නෑ… අපි අසරණයි… ගොවීන් කියද්දී මෙවර ඇත්තේ පොහොර සහන නොව වගා සහනාධාරයක් බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි!

Next Post

සඳුදා ආවේ නැතිනම් නීතිය ක්‍රියාත්මක කරනවා… දෙවරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මග හැරිය රනිල්ට කොමිසම අවසන් නිවේදනයත් නිකුත් කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.