දිනසේන රතුගමගේ –
යාපනය ශීක්ෂණ රෝහලේදී දරුවකු ප්‍රසූත කළ පහළොස් හැවිරිදි ළමා මවක් ප්‍රසූත කළ දරුවා රෝහලේම දමා ඊයේ (11) රෝහලෙන් පලා ගොස් තිබේ.
යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ පදිංචි බවට ලිපිනයක් ලබා දී ඇති මෙම පහලොස් හවිරිදි ගැබිණි දැරිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත්තේ සිය මවද සමගය.
ගැබිණි දැරියට පිරිමි දරුවකු ලැබෙන තුරු මවද එම දියණිය සමග රෝහලේම සිට ඇත.
දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව ඇය අඩු වයස් ගැබිණි මවක් වීමත් ඇය ළමා වයසේ පසු වන්නියක් නිසාත් පොලීසියට ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දැණුම් දී තිබේ.
ඊට කැමැත්ත පල කළ එම ළමා මව වැසිකිලි ගොස් විනාඩි කීපයකින් අදාල ස්ථානයට පැමිණෙන බව පොලිස් නිලධාරීන්ට දැණුම් දී ඇතත් ඇය පැමිණ නැත.
පසුව මේ ගැන විපරම් කොට බැලීමේදී අලුත උපන් දරුවා ඇද මත තබා ළමා මවත් ඇගේ මවත් රෝහලෙන් පලා ගොස් අති බව තහවුරු වී තිබේ.
වාට්ටුව බාර වෛද්‍යවරයා විසින් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
රෝහලට ඇතුළත් වීමේදී ඇය විසින් ලබා දී ඇති සෑම තොරතුරක්ම ව්‍යාජ තොරතුරු බවට පොලීසියට ඒත්තු ගැන් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලීසියත් යාපනය පොලීසියත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
මව නොමැතිව වාට්ටූවේ අතරමංවී සිටින බිළිදා නිසා යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රසව වාට්ටුවේ කාර්ය මණ්ඩලයද අතරමංව සිටිති.







