අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පති යළි ඉල්ලා විදුහලේ දරුවන්ගේ දෙමව්පියන් උද්ඝෝෂණයක..

by editor
දෙසැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

පාසල් ළමුන් පිරිසකට පොලිතින් කැවු, දැනට තාවකාලිකව ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය  මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා යලිත් පාසල වෙත ලබාදෙන ලෙස බල කරමින් එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් අද (06) දින පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂණයේ යෙදෙන දෙමව්පියන්..

එම පාසලේ හිටපු විදුහල්පති ජානක ජයවර්ධන   ඉකුත් මස (21) දින එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පාසලට රැගෙන ඒමට තහනම් කර තිබු පොලිතින් වල දිවා ආහාර රැගෙනවිත් ආහාර අනුභව කිරිමෙන් අනතුරුව යලිත් එම පොලිතින් නිවසට රැගෙන යාමට සිය බැගය තුළ දමාගෙන සිටියදි විදුහල්පතිවරයා විසින් එම පොලිතින් රැගෙන සිසුන් හත්දෙනෙකුට ඒවා කවා තිබිණි.

සිසුන් හත්දෙනා ඔවුන් රැගෙන පැමිණ පොලිතින් අනුභව කිරිමෙන් අනතුරුව ඉන් ළමුන් පස්දෙනෙකු රෝගාතුර වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූහ.

රොගී වූ ළමුන්…

රෝහල්ගත සිසුන්ගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විසින් විදුහල්පතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව   මේ මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

පසුව සැකකාර විදුහල්පතිවරයා ඇප මත මුදා හැරිමට නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් කියා සිටියේ දැනට තාවකාලිකව ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති හිටපු විදුහල්පතිවරයා විදුහලේ විනය පවත්වාගෙන යාමට ක්‍රියාකළ බවත්, ඒ අනුව පාසලේ පරිසර පද්ධතිය රැක ගැනිම සඳහා පාසලට පොලිතින් රැගෙන ඒම තහනම් කර තිබියදී එම සිසුන් පිරිස විසින් පොලිතින්වල ආහාර ඔතා රැගෙන විත් ඇති බවත්, ඒ සදහා විදුහල්පතිවරයා විසින් එම සිසුන්ට දඩුවමක් ලබා දි ඇති බවයි.

පාසලේ විනය සහ අධ්‍යාපන මට්ටම ඉහල දැමිමට එම විදුහල්පතිවරයා කටයුතු කළ බවත්, මෙවර අපොස සාමාන්‍යපෙළ  විභාගයෙන්ද සිසුන් විශාල පිරිසක් ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට සමත් වි ඇත්තේ හිටපු විදුහල්පතිවරයාගේ කැපවීම නිසා බවත් දෙමව්පියෝ කීහ.

තාවකාලිකව මාරු කර ඇති විදුහල්පතිවරයා යලිත් එම පාසලට ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියෝ මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරින්ගෙන් ඉල්ලා සිටියහ.

විදුහල්පතිවරයා පාසල් සිසුන් පිරිසකට පොලිතින් අනුභව කිරිමට නියෝග කිරිම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින්ද පරික්ෂණයක් පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ දූපත් සිරි බලන්න විදේශිකයෝ ගුවනින් එති!

Next Post

ගෝඨයි මෛත්‍රීයි මරන්න හැදූ බව කි ඩී.අයි.ජි. නාලක සිල්වා නඩුවෙන් නිදහස්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.