හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් වන මෛත්‍රීපාල සිරිසෙන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් කළ බවට වර්ෂ 2019 දී පැවරූ නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබුනේ නාලක සිල්වාට එරෙහිව එවැනි චෝදනාවක් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
ත්‍රස්ත විමර්ශන දිශාව භාරව සේවය කරමින් සිටිය දී ජාතික පොලිස් කොමිසම විසින් වර්ෂ 2018.10.17 දිනැතිව ඔහුගේ රාජකාරි තහනමට ලක් කරනු ලැබුවේය.
අනතුරුව ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනායක් සලකා බලමින් කොන්දේසි පනවා අඩ වැටුපට 2023.03.01 දින ඔහුය යළි සේවයේ පිහිටුවා තිබිණි.