දිනසේන රතුගමගේ –
යාපනයේ ඩෙල්ෆ්ට් දූපත විදේශීය සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය දූපතක් බවට පත් වීමත් සමගම විදෙස් සංචාරකයින් කුළී පදනම මත ලබා ගන්නා හෙලිකොප්ටර් යානා මගින් ඩෙල්ෆ්ට් දූපත වෙත පැමිණෙන්නට පටන් ගෙන තිබේ.
දෙසැම්බර් මාසයේ මුල් දින පහ ඇතුළත හෙළිකොප්ටර් වලින් සංචාරක කණ්ඩායම් තුනක් යාපනයේ ඩෙල්ෆ්ට් හා අනෙකුත් දූපත් ප්‍රදේශ වෙත පැමිණ සිටි අතර ඔවුන්ව සංචාරක මණ්ඩලයේ උතුරු පළාත් කාර්යලයේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළි ගනු ලැබීය.
මෙම සංචාරකයින්ට එම දූපත් වලදී පොලිසිය විසින් අවශ්‍ය ආරක්ෂාව සපයන අතර සියලු මග පෙන්වීම්ද සපයා දී තිබේ.
යාපනයට හෙලිකොප්ටර් මගින් පැමිණි විදේස් සංචාරකයින් මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ යාපනයේ දූපත් ඉතා ආකර්ශනීය නිසා ඔවුන්ගේ නෙත් සිත් ඊට බැදී ඇති බවයි.
යුරෝපා රටවල විශාල පිරිසක් ලබන වසරේ මුල් කාර්තුව ඇතුළත හෙළිකොප්ටර් යානා මගින් යාපනයේ දූපත් ප්‍රදේශවල සංචාරය කිරීමට දැනටමත් සූදානමින් සිටින බවද ඔවුන් ප්‍රකාශ කොට තිබේ.