දිනසේන රතුගමගේ –
යාපනයේ කොඩිකාමම් ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයක පැවති විශේෂ දේව මෙහෙයට සහභාගී නොවීම නිසා ඌරණ වූ එම දේවස්ථානයේ පියතුමෙකු තරුණියකට පහර දීම නිසා සිදුවූ තුවාලහේතුවෙන් ඇය චාවාකච්චේරී රෝහලට ඇතුලත් කොට තිබේ.
තරුණියගේ පියා මේ සම්බන්ධයෙන් චාවාකච්චේරී පොලීසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තරුණියගේ පියා කතෝලික බැතිමතෙකු වූවත් මව හින්දු ආගම අදහන අයෙකි.
මේ නිසා තරුණිය අදාල දේවස්ථානයට නිතරම නොයන අතර මව සමග කෝවිල් යාමට පුරුදු වී සිටියි.
සිද්ධිය වූ දිනයේ කොඩිකාමම් දේවස්ථානයේ විශේශ පුජාවක් පැවති අතර තරුණිය ඊට සහභාගී නොවීම නිසා දේවස්ථානයේ පියතුමා ඇයට පහර දි අත.
චාවාකච්චේරී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පත්වා ගෙන යයි.