රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ඉදිරි දිනවලදී උග්‍ර ඖෂධ හිගයක් මතුවීමට නියමිතව පවතින බැවින් මෙම අවදානම් තත්ත්වය මගහරවා ගැනීම සඳහා දායක වන්නැයි අධ්යක්ෂ වෛද්‍ය ජගත් විජේසූරිය දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.
මේ වන තෙක්ම රෝහලට කිසිදු රෝගියෙක් බාර ගැනීම හෝ සැත්කම් සිදුකිරීම ප්‍රතික්ෂේප කර නොමැති බව පෙන්වා දෙන අධ්යක්ෂවරයා දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ලෙස ලැබෙන ඖෂධ හා වෛද්‍ය උපකරණයන් භාවිත කරමින් දරුවන්ට අවශ්‍ය සැත්කම් සිදුකළ නමුත් තවදුර ආධාර උපකාරවල අවශ්‍යතාව දැඩිව දැනෙමින් ඇතැයි අධ්යක්ෂවරයා පැවසීය.
රෝහලේ වෛද්‍යවරුන්ගේ හිතවත්කම් මත විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් රෝහලට ආධාර උපකාර ලබා ගත් බවත් ඉදිරියට එම කටයුත්ත අඛණ්ඩව සිදු කරන බවත් හෙතෙම පැවසීය.
මේ වන විට රෝහල තුල ඖෂධ වර්ග50ක පමණ හිගයක් තිබෙන බව අධ්යක්ෂවරයා කියයි. ඒ පිලිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිල වෙබ්අඩවියේ සඳහන්ව ඇති බැවින් පරිත්‍යාගශීලීන්ට එමගින් සියලුම විස්තර ලබාගත හැකි වනු ඇති බවද අධ්යක්ෂවරයා පැවසීය.







