දිනසේන රතුගමගේ –
කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් උපත ලැබූ යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරි පිටින් මුලතිව් දක්වා ගමන් කරණ ජනතා රැලියක් ඊයේ ( 16 ) ආරම්භ විය.
මේ රැලියට විශාල පිරිසක් සහභාගී වූ අතර රැලිය මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශය දක්වා ගමන් කරන විට අතර මගදී තවත් පිරිස් එක් වීමට නියමිතය.
මැයි මස 18 වෙනිදා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී සංවිධානය කොට ඇති යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ උත්සවයට සහය දැක්වීම සදහා යාපනයෙන් මෙම රැලිය ආරම්භ වී තිබේ.