ශ්‍රියානි විජේසිංහ –
දරාගත නොහැකි විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි පාරිභෝගියන්ගේ විදුලිය විසන්ධි නොකරන්නැයි ලංකා විදුලි සේවක සංගමය විදුලිබල සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.
විදුලි බිල ගෙවීමේ හැකියාව පවතින ජනතාව බිල ගෙව්වාට ගැටලුවක් නොමැති බව සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කරයි.
විදුලි පාරිභෝගිකයිනගේ විදුලිය විසන්ධි කිරිමට රජයට අවශ්‍ය නම් ඒ සදහා පොලිසිය හෝ හමුදාව යොදා ගනිමින් එය කළ හැකි නමුත් විදුලිබල මණ්ඩලයේ සේවකයින් ඒ යොදා නොගන්නැයිද විදුලි පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්දි කිරිමට ඉදිරිපත් නොවන ලෙස විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවද රන්ජන් ජයලාල් සදහන් කරයි.







