අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ දේශපාලන පවුලක බලය සහිතව සිදුකළ නීති විරෝධී මහා පරිමාණ වැලි ජාවාරමක් වටලයි!

by editor
මාර්තු 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය නිහඬ කරවා   රටේ නීතියත් යටපත් කරමින් දැඩි දේශපාලන බලය සහිතව  කාලයක් තිස්සේ කරගෙන ගිය බලපත්‍ර  රහිත නීති විරෝධී මහා පරිමාණ වැලි ජවාරමක් වටලා පුද්ගලයින් 15 දෙනෙක් සහ දැවැන්ත යන්ත්‍ර සූත්‍ර තොගයක් අත් අඩංගුවට ගැනීමට වලාන පානදුර මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය  හා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය ඒකාබද්ධව කළ වැටලීමකදී සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් එක්ස්කැවේටර් යන්ත්‍ර

දකුණේ ප්‍රබලම දේශපාලන පවුලකට සම්බන්ධ පුද්ගලයෙකුගේ බලය සහිතව මෙම ජාවාරම කරගෙන ගොස් තිබුණේ අම්බලන්තොට පොලිස් වසමේ මාමඩල ජන්සගම ප්‍රදේශයේ අක්කර 05ක සශ්‍රීක කුඹුරු යායක් මැදය.

මේ වනවිට   මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ උපකරණ නිදහස් කරන ලෙස වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ වැටලීම කළ නිලධාරීන්ට  දැඩි දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇති බවට වාර්තා වේ.

පොලිසියේ ඇස් ඉදිරිපිටම   මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර   සහිත වැඩබිමක් බවට භූමිය  පරිවර්තනය කරගෙන  ඛණිජ වැලි කැණීම සකස් කිරීම, ගබඩා කිරීම සහ විකිණීම මෙම කල්ලිය විසින් එළිපිටම සිදුකරගෙන යමින් තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වැලි කියුබ් 500කට අධික අනවසර වැලි ප්‍රමාණය…

එවැනි පරිසරයක් තුළ සිදුකළ මෙම වැටලීමේ දී බලපත්‍ර රහිතව අනවසර කැණීම් කර  ලබා ගත් වැලි කියුබ් 500ක්,  කොබෙල්කෝ SK200  වර්ගයේ එක්ස්කැවේටර් යන්ත්‍ර 06ක්, සැමිටමෝ 210 වර්ගයේ  එක්ස්කැවේටර්  01, වැලි සකස් කිරීම සඳහා පිරිසිදු කිරීමට යොදා ගන්නා වොෂින් ප්ලාන්ටර් 01ක්, කැණීම් කරන ලද ඛණිජ වැලි සෝදා පිරිසිදු කිරීමට පෙර ජලය ලබා ගැනීමට උපයෝගී කරගත් වතුර මෝටර් 04ක්, ඛණිජ ද්‍රව්‍ය පිරිසිදු කිරීමට යොදා ගන්නා  වොෂින් ප්ලාන්ට් 03ක් ක්‍රියා කිරවීමට ගන්නා ලද විදුලි ජනක යන්ත්‍ර 03ක්, වැලි හෑරීමට යොදා ගන්නා ලද ස්කැවේටර් යන්ත්‍රවලට ඉන්ධන ලබා ගැනීම සඳහා රැගෙන ඇවිත් තිබුණු ඩීසල් ලීටර 1000ක් සහිත කැන්ටර් යන්ත්‍ර දෙකක් ද පුද්ගලයින් සමග අත්අඩංගුවට පත්විය.

මෙම වැටලීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ නීති අංශයේ බලගැන්වීමේ නිලධාරී රසික සංජිව සහ නුවන් මධුසංක යන නිලධාරීන් එක් වී සිටියේය.

වලාන පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ  ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශාන්ත, උප පොලිස් පරීක්ෂක රත්නායක, උප පොලිස් පරික්ෂක චතුරංග, උප පොලිස් පරික්ෂක කමල්සිරි, පොලිස් සැරයන් 34950 සම්පත්, පොලිස් සැරයන් 75056 ඉන්දික,  පොලිස් කොස්තාපල්  64674 අතුල, 87119 අමිල, 77981 ප්‍රබුද්ධ, 39850 අශාන්, 91111 ජයමහ, 91195 කරුණාරත්න, 700677ලක්ෂිත, 100678 දේශප්‍රිය, 104643 සෙනාරත්න, 104555 ලකීෂ,104776 සලේ, 104612 ෂහීඩ් පොලිසි රියදුරු 80831 උදේශ්, 16227 උදාර යන කණ්ඩායම මෙහයුමට එක් වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගලිවලට ඇද වැටුණු කොළඹ මහ නගර සභාවේ අනියම් සේවකයින් දෙදෙනා මිය යති!

Next Post

කාන්තාවක් වංචා කළ උඩුනුවර කට්ටඬියෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.