අද (27) දහවල් කාලයේ හෙට්ටියාවත්ත හන්දියේ ගලි වලක නල පද්ධතියක අලුත් වැඩියාවක් කරමින් සිටිය දී එම ගලි වලට ඇද වැටුණු නගර සභා සේවකයින් දෙදෙනා මිය ගොස් තිබේ.
සිදුවීමෙන් අනතුරුව බරපතල තත්ත්වයෙන් කොළම ජාතික රෝහලට ඇතුළු කළ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර ගනිමින් සිටිය දී මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 හා 38 වයස්වල පසුවන කොළඹ 10 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි නගර සභා අනියම් කම්කරුවන් දෙදෙනෙකි.
එක් පුද්ගලයෙක් මුලින් ගලි වලට ඇද වැටුණු පසු ඔහුව බේරා ගැනීමට උත්සාහ කරද්දී දෙවැනි පුද්ගලයා ගලිවලට ඇදවැටී ඇති බව පොලිසිය පවසයි.
කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.