ඉන්ධන පිරවුම්හල් මෙහෙයවීම , සිල්ලර ඉන්ධන විකිණීම, ආනයනය සහ බෙදා හැරීම ඇතුළු කටයුතු සඳහා නව සමාගම් තුනකට අවසරය ලබා දීමට අද (27) අමාත්‍ය මණ්ඩල එකඟත්වය හිමි වු බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ඒ අනුව චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ෂෙල් ඇන්ඩ් ආර් එම් පාර්ක්ස් යන ඇමෙරිකානු සමාගම් ඒකාබද්ධ ආයෝජනයක් ලෙසින් ශ්‍රි ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට අවතීර්ණ වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ට්විටර් පනිවිඩයක් මඟින් මේ බව අනාවරණය කරන විජේසේකර අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන්නේ දැනට මෙරට අලෙවි නියොජිතයන් අත පවතින ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 150ක් ඔවුන් වෙත බෙදා දීමට කටයුතු කරන බවයි.
අදාල ගිවිසුම් වසර 20ක කාලයක් සඳහා වන අතර මෙම සමාගම් තුනට දිවයිනේ ස්ථාන 150ක එක් සමාගමකට නව පිරවුම් හල් 50 බැගින් අලුතින් ඉදි කිරීමට අවස්ථාව ලබා දෙන බවද සඳහන් කර ඇත.
2) Energy Committee & relevant other procurement committees had given their approval & recommendation to award the 3 companies the licenses to operate. The 3 companies will be allocated 150 Dealer operated fuel stations each which are currently operated by CPC. They will be…
— Kanchana Wijesekera (@kanchana_wij) March 27, 2023