මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය ට අද (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම විදුහලේම තවත් සිසු පිරිසක් විකට් පොලුවලින් පහරදීම නිසා තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පහරදීම හේතුවෙන් අදාළ සිසුවාට අද (06) ලබාදුන් ගණිතය දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමේ අවස්ථාවද මඟහැරී ඇත.
මෙම සිසුවාට විභාගයට අදාළ සෙසු ප්‍රශ්න පත්‍ර වලටද පෙනී සිටීමේ අවස්ථාව මගහැරෙනු ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුවෙක් මෙලෙස පහර කෑමට ලක් වී තිබේ.
පෙරවරුවේ පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා අවසන් කොට අදාළ සිසුවා ආහාර ගැනීම සඳහා ආපන ශාලාව වෙත ගොස් තිබේ.
පාසලේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන බව කියන මෙම සිසුවාට ත් සිසුන් පිරිසක් පැමිණ “තොට ඊළඟ ප්‍රශ්න පත්‍රයට ලියන්නට දෙන්නේ නැතැ”යි කියමින් විකට් පොලු වලින් පහර දුන් බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ
තුවාල ලද සිසුවා මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 11 ප්‍රතිකාර ලබන බව රෝහල් පොලීසිය පවසයි.
මහනුවර පොලිසිය වැඩිදුර වමර්ශන පවත්වයි.