මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ මතුව තිබෙන අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස සම්බන්ධීකරණ නිලධාරි තනතුරේ වැඩ බැලීම සඳහා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පරිපාලන විසින් මානව හිමිකම් නිලධාරිවරයෙකු පත්කර එවා ඇතත් ඔහුට යතුරු බාර දීම හිටපු සම්බන්ධීකරණ නිලධාරි කුමුදුනී විතාන ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අර්බුදය තවත් දික්ගැසී තිබේ.
අදාළ කාර්යාලය පසුගිය 30 දා සිට සීල් තබා වසා දමා ඇත. මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ කුමුදුනී විතාන කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුකර ඒ වෙනුවට කොළඹ කාර්යාලයේ සිට විරංජන් ඩයස් සුමනසේකර පත්කර එවීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කටයුතු කර තිබිණි.
අදාළ මාරුව නීත්‍යානුකූල නොවන අයුරින් සිදුකර තිබෙන බව දක්වමින් කුමුදුනී විතාන කාර්යාලයේ රැඳී සිටිය දී පසුගිය 30 දින රාත්‍රියේ කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පැමිණ කාර්යාලයට සීල් තබා එහි තිබූ නිල කැබ් රථය රැගෙන යනු ලැබූහ.
කුමුදුනී විතාන හා විරංජන් ඩයස් සුමනසේකර යන දෙදෙනා වෙනුවට සම්බන්ධීකරණ නිලධාරි තනතුරේ වැඩ බැලීම සඳහා අදාළ කාර්යාලයේ ම මානව හිමිකම් නිලධාරිවරයා පත් කරනු ලැබුවේ මෙම පසුබිම යටතේ ය.
සේවය හැර ගිය අයෙකු ලෙස සලකා තමන්ට කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් ලිපියක් යොමුකර තිබෙන බවත් එසේ තිබිය දී වගකිව යුතු නිලධාරියෙකු නොමැතිව වැඩබලන සම්බන්ධීකරණ නිලධාරිවරයාට යතුරු බාර දීමට හැකියාවක් නොමැති බවත් කුමුදුනී විතාන පැවසුවාය.
කාර්යාලයේ ලිපිගොනු අස්ථාන ගත වුවහොත් ඒ සම්බන්ධයෙන් ද තමන්ට වගකීමට සිදුවනු ඇති බවත් මේ නිසා කාර්යාලයට සීල් තැබීමට මූලික වූ නිලධාරියෙකු පැමිණ විධිමත් ලෙස කාර්යාලය විවෘත කළ පසු යතුරු භාර දීමට සූදානම් බව ඇය කියා සිටියාය.
මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයට නව පත්වීමක් ලැබ පැමිණි විරංජන් ඩයස් සුමනසේකර මහතා මීට පෙරද මෙම කාර්යාලයේ සේවය කළ අතර 2003 වසරේදී මා හට සිදුවූ අසාධාරණයක් පිළිබඳව පැමිණිලි කලද නිසි අයුරින් විමර්ශන කටයුතු සිදු නොකරන ලදි. එය විමර්ශනයට ගැනීම සඳහාද ඔහුගේ සමීපතමයකු හරහා මත්පැන් සංග්‍රහයක් දීමට සිදුවීය. පසුව එම පැමිණිල්ල පිළිබඳව කොළඹ ප්‍රධාන කාර්යාලය වෙතින් මගෙන් විමසා සිටි අතර මා හට සාධාරණයක් ඉටු නොවූ බව දැන්වූවද මේ වන තෙක් කිසිදු පිළිතුරක් නොලදිමි. විරංජන් මහතා මහනුවර නොව කිසිදු කාර්යාලයකට සුදුසු යැයි මම අනුමත නොකරමි.
මානව හිමිකම් රකින්න ඉන්න මිනිස්සූ, තමන්ගේ බලය පවත්වාගෙන යන්න, බලය රකින්න කරන මේ තුප්පහි වැඩේ වහාම නතර කරන්න ඕනී….විශේෂයෙන්ම මේ මානව හිමිකම් කොමිෂම කියන්නේම දේශපාලනය ගැත්තන් ඉන්න තැනක්….මේක ස්වාධීන නෑ….වර්තමානයේ රටේ කිසිදු කොමිශන් සභාවක් දේශපාලනයෙන් තොරවූ තැනක් නෑ….හැම තැනම දේශපාලනය ……මේ සිදධ වෙන්නෙත් ඒකම තමා…..විරංජන් ඇත්තටම කාලයක් මෙතන හිටියට මිනිස්සුන්ට වෙච්ච සෙතක් නෑ….අදටත් සමහර මිනිස්සුන්ට මානව හිමිකම් සහනයක් පතා ගෙන ආපූ අයට සාධාරණයක් ඉෂ්ඨ වෙලා නෑ….ඒක නිසා මෙතනට එන්න ඕනි අවංක කොහොම වෙතත් වැඩ කරන්න පුළුවන් එකෙක්…..ඩීල් දාන එවුන් නෙවෙයි……