බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අවුල වියවුලක් වෙයි… සේවය අත්හිටවූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිනිය යතුරු භාරදීම ප්‍රතික්ෂේප කරයි!

by editor
ජූනි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ මතුව තිබෙන අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස සම්බන්ධීකරණ නිලධාරි තනතුරේ වැඩ බැලීම සඳහා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පරිපාලන විසින් මානව හිමිකම් නිලධාරිවරයෙකු පත්කර එවා ඇතත් ඔහුට යතුරු බාර දීම හිටපු සම්බන්ධීකරණ නිලධාරි කුමුදුනී විතාන   ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අර්බුදය තවත් දික්ගැසී තිබේ.

අදාළ කාර්යාලය පසුගිය 30 දා සිට සීල් තබා වසා දමා ඇත. මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ කුමුදුනී විතාන   කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුකර ඒ වෙනුවට කොළඹ කාර්යාලයේ සිට විරංජන් ඩයස් සුමනසේකර   පත්කර එවීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය කටයුතු කර තිබිණි.

අදාළ මාරුව නීත්‍යානුකූල නොවන අයුරින් සිදුකර තිබෙන බව දක්වමින් කුමුදුනී විතාන   කාර්යාලයේ රැඳී සිටිය දී පසුගිය 30 දින රාත්‍රියේ කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පැමිණ කාර්යාලයට සීල් තබා එහි තිබූ නිල කැබ් රථය රැගෙන යනු ලැබූහ.

කුමුදුනී විතාන හා විරංජන් ඩයස් සුමනසේකර යන දෙදෙනා වෙනුවට සම්බන්ධීකරණ නිලධාරි තනතුරේ වැඩ බැලීම සඳහා අදාළ කාර්යාලයේ ම මානව හිමිකම් නිලධාරිවරයා පත් කරනු ලැබුවේ මෙම පසුබිම යටතේ ය.

සේවය හැර ගිය අයෙකු ලෙස සලකා තමන්ට කොමිෂන් සභාවේ සභාපතිනිය විසින් ලිපියක් යොමුකර තිබෙන බවත් එසේ තිබිය දී වගකිව යුතු නිලධාරියෙකු නොමැතිව වැඩබලන සම්බන්ධීකරණ නිලධාරිවරයාට යතුරු බාර දීමට හැකියාවක් නොමැති බවත් කුමුදුනී විතාන   පැවසුවාය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කාර්යාලයේ ලිපිගොනු අස්ථාන ගත වුවහොත් ඒ සම්බන්ධයෙන් ද තමන්ට වගකීමට සිදුවනු ඇති බවත් මේ නිසා කාර්යාලයට සීල් තැබීමට මූලික වූ නිලධාරියෙකු පැමිණ විධිමත් ලෙස කාර්යාලය විවෘත කළ පසු යතුරු භාර දීමට සූදානම් බව ඇය කියා සිටියාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විභාග වංචා කළ 08ක් හසුවේ… එක් අයෙක් අපේක්ෂිකාවක්!

Next Post

“තොට ඊලඟ පේපර් එකට ලියන්න දෙන්නෙ නෑ…” කියමින් මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා… සිසුවා රෝහලේ!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

Comments 2

  1. I.P.Gomes says:
    වසර 3ක් ago

    මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයට නව පත්වීමක් ලැබ පැමිණි විරංජන් ඩයස් සුමනසේකර මහතා මීට පෙරද ⁣මෙම කාර්යාලයේ සේවය කළ අතර 2003 වසරේදී මා හට සිදුවූ අසාධාරණයක් පිළිබඳව පැමිණිලි කලද නිසි අයුරින් විමර්ශන කටයුතු සිදු නොකරන ලදි. එය විමර්ශනයට ගැනීම සඳහාද ඔහුගේ සමීපතමයකු හරහා මත්පැන් සංග්‍රහයක් දීමට සිදුවීය. පසුව එම පැමිණිල්ල පිළිබඳව කොළඹ ප්‍රධාන කාර්යාලය වෙතින් මගෙන් විමසා සිටි අතර මා හට සාධාරණයක් ඉටු නොවූ බව දැන්වූවද මේ වන තෙක් කිසිදු පිළිතුරක් නොලදිමි. විරංජන් මහතා මහනුවර නොව කිසිදු කාර්යාලයකට සුදුසු යැයි මම අනුමත නොකරමි.

    පිළිතුරු සැපයීම
  2. Amith senanayake says:
    වසර 3ක් ago

    මානව හිමිකම් රකින්න ඉන්න මිනිස්සූ, තමන්ගේ බලය පවත්වාගෙන යන්න, බලය රකින්න කරන මේ තුප්පහි වැඩේ වහාම නතර කරන්න ඕනී….විශේෂයෙන්ම මේ මානව හිමිකම් කොමිෂම කියන්නේම දේශපාලනය ගැත්තන් ඉන්න තැනක්….මේක ස්වාධීන නෑ….වර්තමානයේ රටේ කිසිදු කොමිශන් සභාවක් දේශපාලනයෙන් තොරවූ තැනක් නෑ….හැම තැනම දේශපාලනය ……මේ සිදධ වෙන්නෙත් ඒකම තමා…..විරංජන් ඇත්තටම කාලයක් මෙතන හිටියට මිනිස්සුන්ට වෙච්ච සෙතක් නෑ….අදටත් සමහර මිනිස්සුන්ට මානව හිමිකම් සහනයක් පතා ගෙන ආපූ අයට සාධාරණයක් ඉෂ්ඨ වෙලා නෑ….ඒක නිසා මෙතනට එන්න ඕනි අවංක කොහොම වෙතත් වැඩ කරන්න පුළුවන් එකෙක්…..ඩීල් දාන එවුන් නෙවෙයි……

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.