.රජය පොහොර සම්බන්ධයෙන් නම්‍යශීලි විය යුතු ස්ථානවලදී එලෙස හැසිරෙන බවත් තේ වගාව සඳහා රසායනික පොහොර ආනයනය ඇති බවත් වැවිලි කර්මාන් ඇමති රමේෂ් පතිරණ අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් ඔහු මේ බව සඳහන් කෙළ්ය.
ඇමතිවරයා කීවේ ඉතිහාසයේ වැඩිම අපනයක කෘෂි භෝග ආදායම මේ වසරේ ලැබෙන බවත් එය
“ගිය වසරට සාපේක්ෂව දැනටමත් අපේ පුරෝකතනයට අනුව ගිය අවුරුද්දේ මේ රටේ නිෂ්පාදනය වුණේ තේ කිලෝ මිලියන 280යි. දැනටමත් ඒ ප්‍රමාණය ඉක්මවා ගොස් තියෙන්නේ. මේ අවුරුද්දේ කිලෝ මිලියන 310ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. “
රබර්, පොල් හා කෘෂි අපනයන භෝගවලින් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලැබෙන්නේ මේ වසරේ බවත් ඇමතිවරයා කීවේය.