සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙවැනි පාර්ශ්වයකට ළං වෙන්න නොදෙන චීනයේ “මාරක  ප්‍රේමය“!

by editor
ජනවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

“අපි දෙන්නගේ බැලීම හෘදයාංගමයි. ඒ මැදට තුන්වැන්නෙක් පනිනවා දකින්න අපි කැමති නෑ“

මෙය හුදෙක් දෙහදක් අතර දැඩි පෙමකින් බැඳුණු පෙම්වතකු හෝ පෙම්වතියක වෙතින්  ඔවුන්ගෙන් කෙනකුගේ හිත ගැනීම සඳහා මැදට පනින්න දඟලන   “දුෂ්ඨයකු“ වෙත තෙපළන වදන් පෙළක් යයි බැලූ බැල්මට පෙනෙනු ඇත. ඇතැම් විට මේ තෙවැනි පාර්ශ්වය දුෂ්ඨයකුම විය හැකිය. ඔහු මේ ළඳට සැබෑවට ආදරය කරන අතරේ දැනට පෙම්වතා ලෙසින්  සිටින්නා තම කාමාශාවන් තෘප්ත කර ගැන්මට බොරු පෙමක් පෙන්වන සල්ලාලයකුද විය  හැකිය.

ඒ අපට සිතිය හැකි පැතිකඩය.

එහෙත් මේ ප්‍රකාශයත් ඊට නොවෙනස් අයුරකින්  පසුගියදා සන්නිවේදනය කළේ මෙරටට දෙදින නිලසංචාරයකට පැමිණි චීන විදේශ අමාත්‍ය වැග් යී ය. ඔහු පවසා තිබුණේ  ශ්‍රි ලංකාව සහ චීනය අතර පවතින ශක්තිමත් බැඳීම පිළිබඳව තුන්වැනි පාර්ශවයක අවධානය උනන්දුව අනවශ්‍ය  බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තුන්වැනි පාර්ශවය 

චීනය මේ තුන්වැනි පාර්ශ්වයක් ගැන කීවේ කාටදැයි කවුරුත් දන්නේය. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මීට පෙරද මේ මෙවැනි පාර්ශ්වය කවුදැයි හැඳින්වීය. ඒ අසල්වැසි කලාපීය බලවතා වන ඉන්දියාවයි.

අද ඉන්දීය සාගර කලාපය තුළ තම බලය විහිදුවීමේ සූක්ෂම ගමනක නිරත චීනයට  ඉන්දියාව රුස්සන්නේ නැත.  ශ්‍රි ලංකාව බදාගෙන අල්ලාගෙන තුන්වැනි පාර්ශවයකට කිට්ටු වන්නටවත් ඉඩ නොදෙමින් යන ගමනේ දී  මේ වනවිට ලංකාව සිටින්නේ    ඇවිද ගන්නටවත් නොහැකි තරමට දුර්වල තත්ත්වයකය. කොටින්ම කිවහොත් ගමන පයින් යනවාද කළුවරේ ඉන්නවා දය පැකේජ දෙකෙන් එකක් තෝරාගත යුතු තරමට අප   විදේශ විනිමය අර්බුදය තල්ලු වී තිබේ.

මේ තත්ත්වය මැද අඩුම තරමින් මේ මාසය ගෙවා ගන්නටවත් නොහැකි වන තැනට ඉන්ධන අර්බුදය උග්‍ර වී ඇත. මේ හේතුවෙන් විදුලිය ද අර්බුදයට ලක්ව ඇත.   යථාර්ථය නම් කවුරුන් අත පටළවාගෙක ගියද ශ්‍රි ලංකාවට තවත් අඩියක් හෝ ඉදිරියට යන්නට කාගේ හෝ තීරණාත්මක සහයක අවශ්‍ය බවය.

අරාබියේ රස්තියාදුව

රටට අවශ්‍ය ඉන්ධන ගැනීමට ඩොලර් බිලියන 3.5ක පමණ මුදලක් සොයා බලශක්ති අමාත්‍යවරයා පසුගිය කාලය තුළ නොකළ දෙයක් නැති තරම්ය. ඔහු අරාබිකරයේ රස්තියාදු ගැසුවේය. පුලුවන් හැම තැනටම ගොස් දුක කීවේය.  එහෙත් ශ්‍රි ලංකාවේ දැනට පවතින ණය වර්ගිකරණ පහළයෑම් වැනි සාධක හේතුවෙන්   කවුරුත් තවමත් ණයක් දෙන පාටක් නැත.

අවසානයේ මාස එකහමාරක දෙකකවත් ඉන්ධන දෙන්නට අත දුන්නේ චීනය ළං වෙන්නට ඉඩ නොදෙන තෙවැනි පාර්ශ්වය හෙවත් අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව ඉන්දියානු රජය ඊයේ නිවේදනය කළේ උදව් ඉල්ලන අසල්වැසි මිතුරා ට අත දීමක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ඛනිජ තෙල් ආශ්‍රිත මිලදී ගැනීම් සඳහා ලබා දීමට ඉන්දියාව පියවර ගෙන ඇති බවය. ඊට අමතර ව තවත් මිලියන 900ක පමණ ණය ආධාර මේ වනවිට අමාරුවේ වැටුණු අපට ඉන්දියාව විසින් ලබා දී ඇත. ඒ පසුපස ඉන්දියාවටද නිසැකවම භූ දේශපාලනික ක්‍රියාන්විතයක් ඇත. එය වෙනම කතාවකි.

ජනපතිගේ ඉල්ලීම

එහෙත් චීනය සමඟ වසර 70ක් ඉක්මවූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවතින බවට ප්‍රකාශ කළද ඒ තුළ පවතින මිතුදමේ සවරූපය වර්තමානය තුළ කෙතරම් ලඝු වීමකට ලක්ව ඇතිදැයි පෙනෙන්නේ තුන්වැනි පාර්ශ්වයක් ඇත් කරවමින් ශ්‍රි ලකාවට ළංවූ චීන විදේශ අමාත්‍යවරයාගෙන් ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   විසින් කරන ලද ඉල්ලීම හමුවේ ඔවුන් දැක්වූ ප්‍රතිචාරයයි.

ජනාධිපතිවරයා මෙම හමුවේදී චීනයෙන් කළ පළමු ඉල්ලීම වූයේ චීනය සමඟ දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරන ලෙසය.  එම ඉල්ලීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයද ලොකු ප්‍රචාරයක් යැව්වේය. එහෙත් මෙයට ඒ මොහොතේ නිහඬව සිටි චීනය ඊට ප්‍රතිචාර ලෙස දක්වා තිබුණේ චීනය විසින් ලබා ගත් අඩු පොලී ණය පමණක් යළි පුතිව්‍යුහගත  කිරීමකට සූදානම් බවය. එහෙත් පාරිලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා  පවසන පරිදි ශ්‍රි ලංකාවේ සමස්ත විදේශ ණයවලින් සියයට 10කට පමණ චිනය වගකියන අතර එලෙස ලබා දී ඇති ණයවලින් සියයට 90කට වඩා වාණිජ පදනම මත වැඩි පොලී අනුපාත මත ලබා දුන් ණයයි. තම අත් පටළාගත් පෙම්වතිය ක්ලාන්ත වී ඇද වැටෙන්නට ගියත් දිය පොදක් දෙනන්ට සූදනම් නැති නල්ලමලේ පෙම්වතෙක් සේ චීනයද මේ වැඩි පොලී ණයවලට සහනයක් දෙන්නට සූදානම් නැත. ඒ වෙනුවට සොච්චමක් පමණක් දී රවටන තැනට තල්ලු වී ඇත. එයින්ද පෙනෙන්නේ  චීනය මේ කරනු ලබන්නේ කලාපීය   ව්‍යාප්තිය හරහා ආර්ථික අපේක්ෂා ඉටු කර ගැනීමේ දී තීරණාත්මක භූ කෙන්ද්‍රයක් සේ සැලකෙන ශ්‍රී ලංකාවෙන් යම් වාරුවක් ලබා ගැනීමක් පමණක්ම විය හැකි බවය.‍

 එය තහවුරු වන්නේ ශ්‍රි ලංකාව චීන ණය මත විශාල පීඩනයක සිටින පසුබිමක් සහ විදේශ විනිමය සම්බන්ධයෙන් ලෝක අර්බුදයක් පවතිද්දී වුවද එයින් මිදීමට තිරණාත්මක සහයක් ලබා නොදීමය. ඔවුන් වසංගතය හමුවේ එන්නත්කරණය්දී යම් දායකත්වයක් ලබා දුන්නද රට දැනට පෙළන ලොකුම අර්බුදය හමුවේ උද්‍යෝගයකින් යුතුව කටයුතු කරන සෙයක් දක්නට නොමැත.

චීන ණය

චීනයෙන් ලැබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6කට සමානුපාත යුවාන් මුදල් හුවමාරු ණය පහසුකමක් පමණි. විචාරකයන් පවසන්නේ මේ  ණය පහසුකම ශ්‍රී ලංකාවට  මාස එකහමාරක් පමණ කාලයකට පමණක් සෑහෙන එකක් බවය.

අප්‍රිකානු රටවල් කිහිපයක සහ මාල දිවයිනේ සංචාරයකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා මාලදිවයිනෙන්  පිටත්ව ඇත්තේ අපේක්ෂා භංගත්වයෙන් බව සඳහන් වෙයි. ඊට හේතුව දැනට මාලදිවයින පාලනය කරන රාජ්‍ය නායකයා වන ජනාධිපති ඉබ්‍රහිම් සෝලි චීන විදේශ අමාත්‍යවරයා හරසර ඇතිව පිළිගත්තද ඔහු සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අතේ දුරක සිට කටයුතු කිරීමය.

සාකච්ඡාවලදී ඔහු යම් ස්ථාවරයක සිට ඇති බව සඳහන් වන අතර මේ හේතුව නිසා චීනයේ ණය උගුලේ හිරවුණු ඔවුන්ගේ බේල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියේ එක සලකුණක්වන මාලදිවයින සම්බන්ධයෙන් යම් අපේක්ෂා භංගත්වයක් නිර්මාණය වූ බව රාජ්‍ය තාන්ත්‍රික විචාරකයන්ගේ අදහස වී තිබේ.

එයින් පසුව ශ්‍රි ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා තෙවැනි පාර්ශ්වයකට ළංවීමට අවශ්‍ය නැති බව පවසමින් කළේ විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් වෙත ඔවුන්ගේ ඉන්දියානු සාගර කලාපීය රටවල සහයෝගීතා සහ සංවර්ධන න්‍යාය පත්‍රය එලියට දැමීමය.

අරමුණ සහ ඉලක්ක

එහිදී ඉන්දීය සාගර දූපත් ජාතීන්ගේ සංවර්ධනය පිළිබඳව සංසදනයක අවශ්‍යතාව යෝජනා කර ඇති බව සඳහන් විය. එහි අරමුණ වන්නේ චිනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩපිළිවෙළට  තවදුරටත් ශ්‍රී ලංකාව මාලදිවයින වැනි රටවල් සම්බන්ධ කර ගැනීමය. චීනයට මේ මොහොතේ අවශ්‍ය වී ඇත්තේ ඉන්දියානු සාගර කලාපය තුළ තම ආර්ථික සහ දේශපාලන බලය පැතිරවීම මිස ඉන්දියානු සාගර කලාපීය දූපත රාජ්‍යයන්ගේ සෞභාග්‍යය නොවේ.

ඔවුන් ගේ මිත්‍රශීලී නොවන ස්වරූපය පිළිබඳව අවබෝධය අද තිබිය යුත්තේ රට කරවන ඇත්තන්ට පමණක් නොවේ. මේ වනවිට විදේශ විනිමය අර්බුදය සහ භූ දේශපාලනික ගතිකයන්ගේ පීඩනයන් මේ රටේ ජීවත් වන දෙකෝටි විස ලක්ෂයක ජනතාවට තනි තනිව විඳ ගන්නා තරමට අර්බුදය උග්‍රය.

එවැනි පසුබිමක් තුළ සැබෑ රාජ්‍ය තාන්ත්‍රික ස්වරූපයක් රාජ්‍යයක් වෙතින් ප්‍රකාශ නොවන්නේ නම් ඒ සඳහා යම් බලපෑමක් ඇති කිරිමට රටේ ජනතාවට මේ හැසිරීම් පිළිබඳව පූර්ණ දැනුමක් සහ අවබෝධයක් තිබීම අතිශයින්ම වැදගත්ය.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

5G නිසා ඇමරිකාවට ගුවන් ගමන් රැසක් නවතා දමයි

Next Post

අගමැති මහින්දට සමීපතම රාජ්‍ය නිලධාරියා ජනපති ගෝඨාභය ළඟට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.