බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් පෝලිමක සිදුවූ පළමු ඝාතනයේ වේදනාව… මව් පියන් නැතිවත් ජීවිතය දිනාගෙන සිටි සිසුවාගේ දෙවැනි මව් පියන් කියන කතාව….

by editor
ජූලි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“පුතා ගැනි අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන හිටියේ. පුතාට ඉහළට යන්න අපි ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපි හිතාගෙන හිටියේ පුතා විශාල වෘක්ෂයක් වෙලා අපිට සෙවනක් දේවි කියලා. නමුත් ඒ වෘක්ෂය මුලින්ම කපාදැම්මා වගේ දෙයක් වුනේ“ යැයි  මාගාල්ල අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලේ  පොලිමේ දි ඇතිවු  ගැටුමේ දි මියගිය තරුණයාගේ පුංචිඅම්මාවන  අම්බිකා උපමාලි   කීවාය.

ඩි.ඩබ්ලිව් අචිර සාලින්ද

කඩු කිණිසි හා තියුණු ආයුධ වලින් පහරදිමෙන් මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන උඩුමුල්ලවත්ත, යටගල වංචාවල ප්‍රදේශයේ පදිංචි ඩි.ඩබ්ලිව් අචිර සාලින්ද (24) නැමති  කොතලාවල ආරක්ෂක  පිඨයේ  උපාධිධාරියෙකි.

මාගාල්ල  අයි. ඕ.සි. ඉන්ධන පිරවුමහලේ  පොලිමේ  තිබු වැගන් ආර් කාර් රථයකට ඉදිරියෙන් තවත් කාර් රථයක් ඇතුළුත් කිරීම සම්බන්දයෙන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් දුරදිග යාමෙන් අචිර සාලින්දට සිය ජිවිතයෙන් වන්දිගෙවිමට සිදුවිය. 

තරුණයාගේ පුංචි අම්මා  අම්බිකා උපමාලි   මෙසේද කිවාය.

මේ දරුවා පොඩිකාලයේ ඉඳලා පෙරපාසල් ගියේ මාගේ ළඟ ඉඳලා. ඉගෙනිමට දක්ෂයි.  ශිෂ්‍යත්ව විභාගය  සමත්වුනා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ. සාමාන්‍ය පෙළ විභාගයත් ඉහළින් සමත්වුනා. 

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාසල් අවධියේ සාලින්ද අමතක නොවන දස්කම් දැක්වූ සිසුවෙකි…

 2016 වර්ෂයේ දි උසස්පෙළ විභාගයට පෙනී ඉදලා විෂයන් තුනට සම්මාන තුනක් ලබාගත්තා. පසුව කොතලාවල ආරක්ෂක පිඨයට ඇතුළත් වෙලා ඉගෙනගත්තා. උපාධිය  ලබාගෙන  තිබුණේ. උපාධි ප්‍රදානෝත්සවයට තමයි සහභාගිවෙන්න තිබුණේ.

පුතාගේ තාත්තා රණවිරුවෙක්. ජයසිකුරු මෙහෙයුමේ දි  95 වර්ෂයේ දි ඔහු මියගියා. එතකොට පුතාගේ වයස අවුරුද්දයි මාස දෙකයි. 2015 වර්ෂයේ දි  පුතා සාමාන්‍ය පෙළ විභාගය සමත්වෙලා උසස්පෙළ විභාගය සදහා සුදානම් වෙමින් සිටියදි තමයි මව රිය අනතුරකට ලක්වෙලා මියගියේ. මව මිය යනවිට පුතාගේ වයස අවුරුදු 17යි.

අම්මා නැතිවුනාට පසු මම තමයි පුතාගේ වගකිම ගත්තේ. පුතා පුද්ගලික ආයතනයක සේවය කරණවා. ඊයේ (07) තමයි නිවාඩු ලැබිලා ගෙදර ආවේ. යැයි  ඇය හැඩු කඳුලින් යුතුව කිවාය.

 මියගිය තරුණයාගේ බාප්පාවන කේ  සමන්ත මහතා මෙසේ කිවේය.

මියගිය තරුණයාගේ බාප්පා සමන්..

මියගොස් සිටින්නේ මගේ නංගිගේ පුතා. ඔහු  කොළඹ නගරයේ පුද්ගලික  රෝහලක සේවය කරණවා. ඊයේ (07) තමයි නිවාඩු ලබාගෙන ගෙදර ආවේ. නිවසේ පැයක් පමණ ඉදලා තියෙනවා. පුතාගේ යාලුවෝ ඉඳලා තියෙනවා තෙල් පොලිමේ. පුතා තෙල් පොලිමට ගිහින් තියෙනවා. එතනදි තමයි  ගැටුමක් ඇතිවෙලා පුතාට පහරදිලා තියෙන්නේ. 

බලහත්කාරයෙන් කාර්රථයක් තෙල් පොලිමට ඇතුළු කිරීම නිසා කථාබහක් ඇතිවෙලා තියෙනවා. එම කාර්රථයේ පුද්ගලයාගේ හිතවතුන් පිරිසක් කඩු කිණිසි අරගෙන  ඇවිත් තමයි පුතාට පහරදිලා තියෙන්නේ. පුතාගේ අයියා මේ අයට කැම අරගෙන ඇවිත් තියෙනවා .ඒ අවස්ථාවේ ඔහුටත් කඩුවකින් පහරදිලා ගෙල තුවලා වෙලා රෝහලේ ප්‍රථිකාර ලබනවා. “

ඝාතනය සිදුවූ ස්ථානය

“පුතාගේ තව මිතුරෙකුගේ අත  කැපිලා රෝහලේ ප්‍රතිකාර ලබනවා. විස්සක් පමණ පිරිසක්  ඇවිත් පුතා තනිකරලා තමයි පහරදිලා තියෙන්නේ. මම එම ස්ථානයට යනවිට පුතා වැටිලා ඉන්න කොට ලොරියකින් තමයි රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ. රෝහලට රැගෙන යනවිටත් පුතා මියගිහින්“ යැයි සමන්ත කිවේය.

 තෙල් පොලිමක සිදුවු  පළමු ඝාතනය මෙය වන අතර මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකුත්  ඝාතනය සිදුකිරීම   සඳහා යොදාගනු ලැබු කඩුකිණිසි සමග අත්අඩංගුවට ගෙන ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. 

ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින් කුමාර   ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජපාන හිටපු අගමැති අබේට වෙඩි තබයි

Next Post

ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පිටව ගිහින්?

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.