බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තූත්තුකුඩියෙන් හරි පොහොර ගෙනත් යල කන්නය සාර්ථක කරගත  යුතුයි… නැතිනම් රට හාමතේ…

වගා සංග්‍රාමය සියලු දෙනා එක් වී කළ යුතුම දෙයක්... ප්‍රායෝගික  නොවුනොත් අපි හැමෝම බඩගින්නේ.. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා

by editor
මැයි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට ඇත්තේ අප හිතනවාට වඩා අර්බුදයකය.  ප්‍රමාණිකයින් කියන කිසිවක් නොඅසා ජනාධිපති  දකින්නට ගිය කාබනික හීනය පහුගිය මහ කන්නයේ ඇස්වැන්න විනාස කළේය. අස්වැන්න නෙලාගත් පසු රටට ලැබෙන මාස තුනක් සහල් අතිරික්තය මේ මහ කන්නයෙන් ලැබුණේ නැත. යලත් අනතුරේය. තවමත් පොහොර නැත. ගොවීන්ට කුඹුරු සකස් කරගැනීමට යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන නැත. මේ සියල්ල අතරේ අවසන් බලාපොරොත්තුවක් ලෙස තීරණාත්මකව ජනතාව වගාව සඳහා පෙළඹවීමේ වැඩපිළිවෙළක් අගමැති නිර්දේශ කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ අද සිට ප්‍රායෝගික වී සිටී.  “අඩුම ගානේ තමන්ගේ ආහාර වේලේ කොටසක්වත් තමන්ගේ ගෙවත්තේ සූදානම් කරගත යුතුයි…“  ඉදිරියට එන්නට නියමිත අනතුරු ගැන එසේ  කියන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාය.  තව මාස දෙකකින් රටට අත්වන ඉරණමින් ගලවා ගන්නට පිළියම් සොයන තාක්ෂණික බලමුලුවේ ප්‍රධානියාවන  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  සමග සාකච්ඡාවක යෙදුනෙමු. මේ ඒ සාකච්ඡාවයි.

ප්‍රශ්නය –  අගමැතිවරයා වගා සංග්‍රාමයක් ගැන කියනවා… මොකක්ද මේ දේශීය වගා සංග්‍රාමය ….?

පිළිතුර – රට තුළ මේ වෙනකොට   පැන නැගී ඇති අර්බුද හමුවේ ආහාර හිඟයකට යාම වලක්වා ගැනීමේ මූලික වගකීම කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා.    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කළ යුතු කාර්යභාරය සැලකිල්ලට ගනිමින් දේශීය වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට සැලසුම් කරලා තියනවා ඒ තමයි මේ මොහොතේ  අපේ එකම අරමුණයි.

ප්‍රශ්නය –  මේ සංග්‍රාමයක් වචනයට පමණක් සීමා වෙයි ද..?

පිළිතුර –  නැහැ…  එහි පළමු අදියර අපි හෙට සිටම ආරම්භ කරනවා. රටේ ජනතාව වගාවට යොමු කිරීමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඒ ආශ්‍රිතව ඇති ආයතන 267 ත්  එහි නිලධාරීනුත්  ප්‍රායෝගිකව  මේ අරමුණ තුළ පිහිටුවිය යුතුයි. ඔවුන්  වගාවට යොමු කළ යුතුයි.

ඒ සඳහා අද ( 25) සිට නව වැඩසටහන් ආරම්භ කෙරෙනවා.  රට පුරා සියලුම කෘෂිකර්ම ආයතනවල   නිලධාරීන් මැදිහත්ව ඒ ඒ ආයතන මට්ටමේ ඇති බෝග බීජ පැළෑටි දඬු වැල් ආදී සියල්ල හුවමාරු කරගනිමින් තම තමන්ගේ ආයතන මට්ටමින් වගාව ආරම්භ කිරීමට වශ්‍ය කටයුතු සලසා දී තිබෙනවා.

ඒ සඳහා සියලු උපදෙස්ද ආයතන මට්ටමින් හුවමාරු කර ගැනීමට හැකි පසුබිමක් අපි සකස් කර තිබෙන වා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ප්‍රශ්නය –  මේ කර්තව්‍ය රටේ ජනතාව අතරට යන්නේ කවදාද..?

පිළිතුර –  තව සති දෙකකට මෙපිට රටේ සියලු ජනතාව ඒකරාශි කරගනිමින් දේශීය බෝග වගාව ගෙවතු වගාව ආරම්භ කිරීමට අවශ්‍ය සියලු උපදෙස් මෙහෙයවීම් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දිස්ත්‍රික් කෘෂි අධ්‍යක්ෂකවරු පලාත් අධ්‍යක්ෂකවරු මැදිහත්වීමෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රශ්නය – එය සැලසුමක් පමණක්ම වෙයිද..?

පිළිතුර –  හැම දෙයක්ම සෘණාත්මකව බලන්න එපා. එය සැලසුමක් පමණක් වුවහොත් රටේ ජනතාවට ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිනිස්සුන්ට හාමත් වෙන්න වෙනවා.  මේ වෙලාවේ  ප්‍රධානතම අභියෝගය රටේ ජනතාවට ආහාර සැපයීම.    පොදුවේ මෙතෙක්  ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ඔස්සේ එය කළ නොහැකි නම් ඊට විකල්පයක් වශයෙන් ඒ ඒ පවුලට අවශ්‍ය පරිදි  තමන්ගේ ආහාර වේල තමන්ගේ නිවස ආශ්‍රිතවම වගා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීම ලෙස මා දකිනවා.

ප්‍රශ්නය – දැනට උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ ආහාර අර්බුදයෙන් ගොඩඒමට  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  විතරක් වැඩ කරලා පුලුවන් ද..?

පිළිතුර –  කොහෙත්ම බැහැ . මේ සඳහා සමස්ත ජනතාව සියලුම අමාත්‍යංශයන් සියලුම නිලධාරීන් ඒකරාශි විය යුතුයි. දැනටමත්  සුසිල් ප්‍රේම ජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබෙනවා සියලුම පාසල් මේ සඳහා දායක කර ගැනීමට කටයුතු යොදන බව.

අගමැති රනිල් වික්‍රමසිංහ සමග කළ සාකච්ඡාවේ දී ඔහු ගේ අදහස වූයේ දේශීය ආහාර සුලභතාවය වැඩිකිරීම පිණිස ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක අංශ මැදිහත් කර ගනිමින් ඔවුන් යොදවා වගා කලහැකි සියලුම ඉඩම් වල වගාවන් ඇති කිරීමට කටයුතු කරන ලෙස යි.

ප්‍රශ්නය –  වගාව සඳහා නිශ්චිත පිළිවෙළක් තිබෙනවා.  අවශ්‍ය දැනුම සහාය ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම් ද?

පිළිතුර – මේ සියලුම අදහස් ඒකරාශී කරගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපගේ වගකීම වගාවන්ට අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම වගාවන් පිළිබඳ නවීන දැනුම පොහොර භාවිතය කෘමි පාලනය සියලුම වගා කරුවන් වෙත ලබා දීමයි.

සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මේ වනවිටත් සැලසුම් කොට තිබෙනවා. ග්‍රාමීය මට්ටමින් වැඩිහිටි සමිති සුභසාධන සමිති ඇතුළු සියලුම සමිති ඔස්සේ කෘෂි දැනුම ලබාදීමටත් බීජ හා පැළ හුවමාරුව කර ගත හැක්කේ කෙසේද යන්න කියා දෙන්න මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමටත් අප සූදානම්.

ප්‍රශ්නය – මේ හරහා පැහැදිලි වන්නේ ඉදිරියේදී දැඩි ආහාර අර්බුදයක් ඇති වන බව නේද?

පිළිතුර – සාමාන්‍යයෙන් මහකන්නයේදී හෙක්ටයාර් ලක්ෂ අටක් පමණ වී වගාව සිදු කරනවා. මහ කන්නයේදී වී අස්වැන්න හෙක්ටයාර එකකට මෙට්‍රික් ටොන් හතරයි දශම හතරක්.

නමුත් පසුගිය මහ කන්නයේ දී අපට නොසිතූවිරූ ප්‍රශ්න රැසක් හමුවේ අස්වැන්න අඩුවීමක් දක්නට ලැබුණා. වෙනත් සෑම මහ කන්නෙ එකම ඉදිරි මාස තුනක සූදානමක් සහිතව වී අස්වැන්න ගබඩා කර තැබීමේ හැකියාවක් ඉකුත් වසර වල රඳවා ගන්න හැකියාව තිබුණා.  මෙවර මහ කන්නෙ අනතුරුව එවැනි ගබඩා කිරීමක් කොට තබා ගැනීම සඳහා ප්‍රමාණවත් වී තොග අප සතුව නැහැ.

එහෙයින් අපගේ එකම බලාපොරොත්තුව යල කන්නේ ඉතා හොඳ අස්වැන්නක් ලබා ගැනීමයි.

ප්‍රශ්නය – යල වගාවට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි ලැබුණත් කලට වේලාවට පොහොර නොලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා.  එවැනි තත්ත්වයක් හමුවේ යල අස්වැන්න බලාපොරොත්තු නොවන ලෙසයි ගොවීන් කියා සිටින්නේ?.

පිළිතුර –  මෙහි   සත්‍යතාවයක් තිබෙනවා.  නිසි කලට පොහොර ගෙන ඒම ප්‍රමාද වීමක් නැහැයි කියන්න බැහැ.  නමුත් හින්ද අමරවීර අමාත්‍යවරයා කියා සිටියා හැකි ඉක්මනින් ඉන්දියානු ණය සහනාධාර යටතේ පොහොර ගෙන්වා දෙන බව.

ප්‍රශ්නය – හැකි ඉක්මනින් කියන එක දැන් ප්‍රායෝගික ද? වගා කාලය පසු වී  පොහොර ගෙන ගෙනවා නම් ඒ පොහොරවලින් වගාවට ඇති වැඩේ මොකක් ද?     

පිළිතුර –  අර්බුදකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීමට තමයි අපි හැකි තරම් උත්සාහ කරන්නේ.  ඉන්දියාවෙන් පොහොර ගෙන්වනවා නම් ලංකාවට ගේන්නේ තූත්තුකුඩිය හරහා . තූත්තුකුඩියෙන් පොහොර ගේන්න ගතවන්නේ පැය තිස්හයක්   හෝ හතළිස් අටක් වැනි කාල පරාසයක් පමණයි.

අපගේ දැන් බලාපොරොත්තුව කඩිනමින් තූත්තුකුඩි යෙන් පොහොර ගෙනැත් හරි යලකන්නය සාර්ථක කර ගැනීමයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන ප්‍රවාහන ටැංකිරථ හිමියන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවළක්….

Next Post

විමල් – ගම්මන්පිල කණ්ඩායම රාජපක්ෂලා නැති නව සන්ධානයක් හදයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.