අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුන්වන විනිසුරුගේ ” කුණුහරපා තීන්දුව “ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය අයි.සී.සී වෙත දැනුම් දීමට සැරසෙයි!

by editor
මාර්තු 7, 2024
in පුවත්
තාක්ෂණික කුණුහරපය...

තාක්ෂණික කුණුහරපය...

Share on FacebookShare on Twitter

ඊයේ (06) බංගලාදේශ ශ්‍රී ලංකා දෙවැනි විස්සයි 20  තරගයේ දී  තාක්ෂණයත් කුණුහරපයක් බවට පත් කරමින්  තෙවැනි විනිසුරු මසුදුර් රහ්මාන් පිටියේ දී ගත් තීරණය අවංගු කර  ලබා දුන් අපභ්‍රංශ තීන්දුවට එරෙහිව අන්තර්ජාතකි ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය සූදානම් වන බව වාර්තා  වේ.

තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය  බලාපොරොත්තු වන  බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් ඊයේ තරගයෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ඊයේ තරගයේ  බංගලාදේශය ඉනිමේ  සිවුවැනි පන්දු ඕවරයේ පළවෙනි පන්දුවේ දී වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු එවූ කෙටි පන්දුවකට පහරක් එල්ල කිරිමට ගිය ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර්ගේ පිත්තේ පන්දුව දැවටුන බවත් කුසල් මෙන්ඩිස් විසින් උඩපන්දුවක් රැක ගත් බවත් තීරණය කළ  පිටියේ   විනිසුරු ෂර්ෆුද්දූලා විසින් සෞම්‍යා සකාර් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කළේය.

සෞම්‍යා එම තීරණය වහාම සමාලෝචනය කළේය.  නමුත් පන්දුව පිත්තෙන් පිට වන   අවස්ථාවේදී  පැහැදිලි තරංගයක් දිස් වූයේය.   එය දුටු සෞම්‍යා නැවත තීරණයක් නොමැති බව කල්පනා කර  පිටියෙන් පිටතට යමින් සිටියේය.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු   රහ්මාන් විශ්වාස කළේ  ශබ්දය සහ තරංගය ඇති වන්නේ  පිත්තේ පන්දුව වැදීමෙන් නොවන බවය. තිරයේ දිස්වන්නේ  වෙනත් ආකාරයක ශබ්දයකින් ඇතිකළ තරංගයක්   බව විනිසුරු තීරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Ultra-edge තාක්ෂණය අනුව  තරංගය   දර්ශනය වූ මොහොතේ පිත්ත සහ පන්දුව අතර “පැහැදිලි පරතරයක්” තිබූ බව ඔහු විස්තර කලේය. නමුත්   මෙම තරංගය ඇති කරන ශබ්දය    වෙනත් කොතැනකින් මතු විය හැකිද යන්න ද පිලිබඳ පැහැදිලි කිරීමට හැකියාවක් නොතිබිණි. .

කෙසේ වෙතත් තරංගය රූපවාහිනී තිරයේ දිස්වන විට  පන්දුව පිත්තෙන්   එක් රාමුවක් පසුපස තිබීම    තාක්ෂණ ක්‍රමාංකනයේ සාමාන්‍ය වෙනසක් ලෙස සලකා සෞම්‍යා සකාර්දැවී ගිය ක්‍රීඩකයෙක් බවට පිටියේ විනිසුරුවරයා ලබා දුන් තීන්දුව තහවුරු කිරීමේ ඉතා ඉහළ ඉඩක් තුන්වන විනිසුරුවරයාට තිබුණු බව ජාත්‍යාන්තර විචාරකයෝ කීහ.  නමුත් පිටියේ විනිසුරගේ තීරණය අවලංගු කරන බව  විනිසුරු රහ්මාන් පිටියේ විනිසුරුවරයාට දැනුම් දුන්නේය.  එම තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම කම්පනයට පත් කළේය. තීරණය සාකච්ඡා  කරමින් ඔවුහු ෂර්ෆුද්දුලා වටා රොක් වූහ.

ශ්‍රී ලංකා  පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ද සිව්වන නිලධාරියා වන තන්වීර් අහමඩ් සමඟ කතා කරනු දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් පසුව තරගයෙන් පසු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ “පිටියේ සිටින විනිසුරු එය දැවී යාමක් ලෙස තීරණය කර ඇති බවය.

” සාමාන්‍යයෙන් රූපවාහිනී විනිසුරුවරයාට විනිසුරුගේ තීරණය අවලංගු කිරීමට තීරණාත්මක සාක්ෂි තිබිය යුතුයි. ස්පයික් එකක් ඇති බව පැහැදිලියි. අපි එය විශාල තිරයේ දුටුවා. ඇත්ත වශයෙන්ම මේ සිදුවූයේ  කුමක්දැයි බැලීමට අපට එය තරඟ තීරකවරයා වෙත  රැගෙන යාමට සිදුවනු ඇති. අපේ තිරවල තිබූ දර්ශන කිසිවක් කීමට ප්‍රමාණවත් නෑ. නමුත්  පිටියේ විනිසුරුවරයා දුන් දෙය අවලංගු කිරීමට රූපවාහිනී විනිසුරුවරයාට සාක්ෂි තිබිය යුතුයි.  මේ කඩුල්ල අපේ පළමු කඩුල්ල වීමට ඉඩ තිබුණා. මේ වගේ තණ තීරුවක ඕනෑම කඩුල්ලක් තීරණාත්මකයි….”  නවීඩ් නවාස් කීවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රංශයේ දුම්රිය පාලමක් ඉදිකරමින් සිටිය දී සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට…

Next Post

හරක්කටා සී.අයි.ඩි යෙන් පන්නන ගේමේ සැලසුම සමග සිටි පොලිස් සැරයන්වරයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.