ඊයේ (06) බංගලාදේශ ශ්‍රී ලංකා දෙවැනි විස්සයි 20 තරගයේ දී තාක්ෂණයත් කුණුහරපයක් බවට පත් කරමින් තෙවැනි විනිසුරු මසුදුර් රහ්මාන් පිටියේ දී ගත් තීරණය අවංගු කර ලබා දුන් අපභ්‍රංශ තීන්දුවට එරෙහිව අන්තර්ජාතකි ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය සූදානම් වන බව වාර්තා වේ.
තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් ඊයේ තරගයෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
ඊයේ තරගයේ බංගලාදේශය ඉනිමේ සිවුවැනි පන්දු ඕවරයේ පළවෙනි පන්දුවේ දී වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු එවූ කෙටි පන්දුවකට පහරක් එල්ල කිරිමට ගිය ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර්ගේ පිත්තේ පන්දුව දැවටුන බවත් කුසල් මෙන්ඩිස් විසින් උඩපන්දුවක් රැක ගත් බවත් තීරණය කළ පිටියේ විනිසුරු ෂර්ෆුද්දූලා විසින් සෞම්‍යා සකාර් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කළේය.
සෞම්‍යා එම තීරණය වහාම සමාලෝචනය කළේය. නමුත් පන්දුව පිත්තෙන් පිට වන අවස්ථාවේදී පැහැදිලි තරංගයක් දිස් වූයේය. එය දුටු සෞම්‍යා නැවත තීරණයක් නොමැති බව කල්පනා කර පිටියෙන් පිටතට යමින් සිටියේය.
කෙසේ වෙතත්, තෙවන විනිසුරු රහ්මාන් විශ්වාස කළේ ශබ්දය සහ තරංගය ඇති වන්නේ පිත්තේ පන්දුව වැදීමෙන් නොවන බවය. තිරයේ දිස්වන්නේ වෙනත් ආකාරයක ශබ්දයකින් ඇතිකළ තරංගයක් බව විනිසුරු තීරණය කළේය.
Ultra-edge තාක්ෂණය අනුව තරංගය දර්ශනය වූ මොහොතේ පිත්ත සහ පන්දුව අතර “පැහැදිලි පරතරයක්” තිබූ බව ඔහු විස්තර කලේය. නමුත් මෙම තරංගය ඇති කරන ශබ්දය වෙනත් කොතැනකින් මතු විය හැකිද යන්න ද පිලිබඳ පැහැදිලි කිරීමට හැකියාවක් නොතිබිණි. .
කෙසේ වෙතත් තරංගය රූපවාහිනී තිරයේ දිස්වන විට පන්දුව පිත්තෙන් එක් රාමුවක් පසුපස තිබීම තාක්ෂණ ක්රමාංකනයේ සාමාන්‍ය වෙනසක් ලෙස සලකා සෞම්‍යා සකාර්දැවී ගිය ක්‍රීඩකයෙක් බවට පිටියේ විනිසුරුවරයා ලබා දුන් තීන්දුව තහවුරු කිරීමේ ඉතා ඉහළ ඉඩක් තුන්වන විනිසුරුවරයාට තිබුණු බව ජාත්‍යාන්තර විචාරකයෝ කීහ. නමුත් පිටියේ විනිසුරගේ තීරණය අවලංගු කරන බව විනිසුරු රහ්මාන් පිටියේ විනිසුරුවරයාට දැනුම් දුන්නේය. එම තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම කම්පනයට පත් කළේය. තීරණය සාකච්ඡා කරමින් ඔවුහු ෂර්ෆුද්දුලා වටා රොක් වූහ.
ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ද සිව්වන නිලධාරියා වන තන්වීර් අහමඩ් සමඟ කතා කරනු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් පසුව තරගයෙන් පසු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ “පිටියේ සිටින විනිසුරු එය දැවී යාමක් ලෙස තීරණය කර ඇති බවය.
” සාමාන්‍යයෙන් රූපවාහිනී විනිසුරුවරයාට විනිසුරුගේ තීරණය අවලංගු කිරීමට තීරණාත්මක සාක්ෂි තිබිය යුතුයි. ස්පයික් එකක් ඇති බව පැහැදිලියි. අපි එය විශාල තිරයේ දුටුවා. ඇත්ත වශයෙන්ම මේ සිදුවූයේ කුමක්දැයි බැලීමට අපට එය තරඟ තීරකවරයා වෙත රැගෙන යාමට සිදුවනු ඇති. අපේ තිරවල තිබූ දර්ශන කිසිවක් කීමට ප්‍රමාණවත් නෑ. නමුත් පිටියේ විනිසුරුවරයා දුන් දෙය අවලංගු කිරීමට රූපවාහිනී විනිසුරුවරයාට සාක්ෂි තිබිය යුතුයි. මේ කඩුල්ල අපේ පළමු කඩුල්ල වීමට ඉඩ තිබුණා. මේ වගේ තණ තීරුවක ඕනෑම කඩුල්ලක් තීරණාත්මකයි….” නවීඩ් නවාස් කීවේය.