බස්නාහිර පළාත, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා එහි පාලිත තැපැල් කාර්යාල, කුලියාපිටිය ප්‍රදේශය හා එහි තදාසන්න තැපැල් කාර්යාල, මඩකලපුව දිස්ත්‍රික්කයේ නම් කළ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලින් කෙරෙන තැපැල් බෙදීම් කටයුතු නැවත දන්වන තුරු අත්හිටුවන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම කාර්යාල වසා දැමීමට උපදෙස් දෙන බවටත් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ හා තැපැල් මූලස්ථානයේ කටයුතු ද පාරිභෝගිකයන් වෙත විවෘත නොකරන බව එම නිවේදනයේ දැක්වේ.
දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පාරිභෝගික ජනතාව ලිපි හා පාර්සල් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් තැපැල් කරුවන්ගේ ආරක්ෂාවත් සලකා බලා මෙම තීන්දුව ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය..