අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය තහවුරු කරයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර කොවිඩ් ආසාධිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බවත් එම කාර්‍යාලය පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරයා සහභාගීවන, බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධවන එම නිලධාරීවරයා ඔක්තෝම්බර් මස 17දින සිට සේවයට වාර්තා කර නොමැති බවද නිවේදනයක් නිකුත් කරමින් එම කාර්‍යාලය පැවැසීය.