බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැපැල් ඉතිහාසය සඟවාගෙන ගාලු මුහුදේ ගිලී සියවස් ඉක්මවූ රාජකීය තැපැල් නැව…

by editor
ඔක්තෝබර් 9, 2021
in පුවත්, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රූමස්‌සල කඳුවැටියෙන් හා ගාලු කොටුපවුරෙන් වර්ණත්  වූ ගාල්ල වරාය ලොව මනරම්ම වරායකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ අඩසියවසකටත් වඩා වැඩි කාලයක්‌ ගාලු වරාය පැවතියේ ලංකාවේ ප්‍රධාන හා කාර්යබහුල වරායක්‌ වශයෙනි. එකල ගාල්ල නගරය ද කාර්යබහුල නගරයකි.  රටින් පිටරට යන්නෝ ගාලු වරායෙන් නැව් නැංගාහ. පිටරටින් මෙරටට එන්නෝ ඉන් මෙරටට ගොඩ බටහ. 

ලියුමක් ලැබෙන්න අවුරුද්දක්…

එමෙන්ම එකල තැපැල් මලු මෙරටට රැගෙන ආවේත් මේ රටින් රැගෙන ගියේත් ගාලු වරායට පැමිණි රුවල් නැව් මගිනි. ඉතිහාස තොරතුරු අනුව එකල යුරෝපයට ලිපියක්‌ ලැබීමට මෙන්ම ඒ සඳහා පිළිතුරක්‌ ලැබීමට වසරක්‌ පමණ ගතව තිබිණි. ඊට එක් හේතුවක්‌ද පැවතුනි. ඒ ලිපි රැගෙන යාත්‍රා කළ රුවල් නෞකාවලට දකුණු අප්‍රිකාවේ සුබ පැතීමේ තුඩුව වටා ගමන් කිරීමට සිදුවීමය. අනෙක එම රුවල් නෞකාවලට මෝසම් සුළඟ මත පදනම්ව ගමනා ගමනය කිරීමට සිදුවීමය. 

කෙසේ වෙතත් 1869 වසරේදී සූවස්‌ ඇළ කැපීම හා කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක්    ලෙස රුවල් නෞකා වෙනුවට මගී හා භාණ්‌ඩ ප්‍රවාහන කටයුතුවලට මෙන්ම තැපැල් සේවාවන් සඳහාද දුම් නැව් වාෂ්ප නැව් යොදා ගැනීම නිසා නාවික ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු විය. ඉන් පසු ලෝකයේ ඈත රටවලින් ගාලු වරායට විදෙස්‌ තොරතුරු විදෙස්‌ තැපැල් මලු පැමිණියේ දුම් හා වාෂ්ප නැව් මගිනි.  පුවත්පත්වල පලකිරීම සඳහා බොහෝ විදේශ ප්‍රවෘත්ති ගාල්ලට ලැබුණේ ගාලු වරායට ළඟා වූ දුම් නැව් මගිනි. 

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

මේ අනුව බලන විට අපේ රටේ තැපැල් සේවාවත් ගාලු වරායත් අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ බැඳියාවකි. මෙරට තැපැල් සේවාව ලන්දේසින් විසින් 1739 දී පළමුව ආරම්භ කළ බව පැවසේ. ලන්දේසින් විසින් ඕලන්තය, ජාවා හා ලංකාව අතර සුභ පැතීමේ තුඩුව මුල් කරගෙන මෙම තැපැල් සේවාව පවත්වනු ලැබූ බව ද දැක්‌වේ.

ගාල්ලේ සිට කොළඹට තැපෑල කඩින් කඩ අරන් ගිය වේගයෙන් ඇවිදින පුද්ගලයෙක්…

මුල්ම ලිපිය හා පෝස්ට් මාස්ටර් ජනරාල්වරයා..

කෙසේ වුවද මෙම තැපැල් සේවාව මගින් පුද්ගලික ලියුම් රැගෙන ගිය බව සඳහන්ව නැත. එමෙන්ම ලන්දේසින්ගේ පාලන සමයේ, එනම් වර්ෂ 1757 අප්‍රේල් මාසයේ මේ රටින් ඉන්දුනිසියාවේ බතාවියට යවන ලද ලිපිය මුල්ම ලිපිය බවට ඉතිහාස වාර්තාවල දැක්‌වේ. 1795 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙරට මුහුදු කලාපයේ බලය අත්පත් කරගෙන බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමක්‌ මගින් පාලනය කරනු ලැබීය. 

මෙරට පළමුවැනි පෝස්‌ට්‌මාස්‌ටර් ජනරාල්වරයා පත්කරනු ලැබුවේද ඒ කාලයේදීය. ඒ 1802 වසරේදීය. මේ කාලයේ නීතියේ හැටියට යැවීමට හැකි වූයේ රාජකාරිමය ලිපි පමණි. එහෙත් ආණ්‌ඩුවේ කාර්යාලවල හැකියාවක්‌ තිබූ ඇත්තෝ රාජකාරිමය ලිපිවලට අමතරව පුද්ගලික ලිපි යැවීමටද කටයුතු කළහ.

වසර 1813 වන විට තැපැල් ගාස්‌තුවට විශේෂ තැනක්‌ හිමිවිය. ලිපිවල බර අනුව ලිපි වර්ග කරනු ලැබීය. බර වැඩි ලිපිවලට නම් පට බැන්දේ පාර්සල් ලිපි යන නමිනි. එම පාර්සල් ලිපි රැගෙන යනු ලැබූ යාත්‍රා හැඳින්වූයේ පැකට්‌ බෝට්‌ස්‌ යනුවෙනි. මෙකී පාර්සල් හා ලිපි රැගෙන නැගෙනහිරට යාත්‍රා කළ නැව් හැඳින්වූයේ “ඊස්‌ට්‌ ඉන්ඩියන්” යනුවෙනි. මේවා රැගෙන ගියේ පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම මගිනි.  එකල එංගලන්තයේ සිට මෙරටට ලිපියක්‌ ලැබීමට මාස පහක්‌ පමණ ගතවිය. ඉන්දියානු තැපැල් සේවාව ආරම්හ කිරීමත් සමග පාර්සල් සේවාව නතරවිය. ඒ 1819 වසරේදීය. 

මේ කාලයේදී ලිපි සඳහා තැපැල් ගාස්‌තු අයකරනු ලැබීය. මුහුදු තැපැල් ගාස්‌තුව වශයෙන් ගාස්‌තුවක්‌ මෙන් එක්‌සත් රාජධානියට ඇතුළුවීමේ දී තවත් ගාස්‌තුවක්‌ අය කරනු ලැබීය.
එකල ගාලු වරායට දුම් නැව් හා වාෂ්ප නැව් මගින් ලැබුණු ලිපි හා තැපැල් මලු අග නගරයට රැගෙන යාමට මිනිස්සුත් ඉතා කඩිනම් ලිපි යැවීමට පරවියන් හා අශ්ව කරත්තත් යොදාගනු ලැබූහ. මුලින්ම ගාලු වරායට ලැබුණු ලිපි කොළඹට රැගෙන යාම සඳහා කඩින් කඩ දිවීමෙහි දක්‍ෂ මිනිසුන් යොදා ගත්හ. 

Gall-Post-Office
පෞරාණික ගාලු තැපැල් කාර්යාලය

අස්ස කෝච්චි

1838 වසරේදී තැපැල් අශ්වකරත්ත සේවාව ආරම්භ වීමත් සමග තැපැල් මලු ගෙනයාම සිදුවූයේ අශ්ව කරත්තයෙනි. පුවත්පත්වල පලකිරීම සඳහා ලැබුණු විදේශ ප්‍රවෘත්ති අගනගරයට කඩිනමින් යැවීමට හැකිවූයේ අශ්වකරත්ත සේවාව නිසාය. මෙම කාලයේ දිවයින තුළ තැපැල් කාර්යාලද ආරම්භ කරනු ලැබීය.

එකල තැපැල් මලු රැගත් අශ්ව කරත්ත දෙකක්‌ උදැසන 6.00 ට පමණ ගාල්ලෙන් පිටත් වූ අතර කොළඹට ළඟාවන විට හවස 4.30 පමණ විය. මෙයට අමතරව රාත්‍රි හයට පමණ තැපැල් අශ්ව කරත්ත සේවාවක්‌ ද පැවතුනි. තැපැල් අශ්ව කරත්ත ගාල්ලේ සිට අගනගරය දක්‌වා ළඟාවීමේදී බාධක ගණනාවකටම මුහුණ දීමට සිදුවිය. එම ගමනේදී ගිංතොට බෙන්තොට හා කළුතර යන ගංගා තරණය කිරීමට මෙකී අශ්ව කරත්තවලට සිදුවිය. එම ගංගා තරණය කළේ පෙරිය නැතහොත් අඟුල භාවිත කරමිනි. 

අස්ස කෝච්චිය

පරවි තැපෑල

ගාල්ලේ තැපැල් ඉතිහාසය ගැන සඳහන් කරන විට පරවි තැපැල් සේවාව ගැන සඳහන් කළ යුතුමය. මෙම පරවි තැපැල් සේවාව ක්‍රියාත්මකව තිබී ඇත්තේ 1850 හා 1858 යන කාලයේදීය. මෙම පරවි තැපැල් සේවාව ආරම්කොට ඇත්තේ සිලොන් ඔබ්සවර් පුවත්පත මගිනි. 

ගාලු වරායට නැව් මගින් ගෙනඑනු ලැබූ ලිපි විදේශීය ප්‍රවෘත්ති කොළඹ නගරයට රැගෙන යනු ලැබුවේ පරවි තැපැල් සේවාව මගිනි. පරවි ගෘහයක්‌ ගාලු කොටුවේ පිහිටි ප්‍රදීපාගාරයේ ඉදිකොට තිබුණි. හොඳ දේශගුණික තත්වයක්‌ යටතේ පරවියකුට සැතපුම් 72 ක්‌ ගමන් කිරීමට, එනම් ගාල්ලේ සිට කොළඹට ගමන් කිරීමට විනාඩි 39 ක්‌ 45 ක්‌ පමණ ගතවිය. 

ගාල්ලට පළමුවැනි විදුලි පණිවුඩය ලැබුණේ ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ සිටය. එකල ටෙලිග්‍රාප් කාර්යාලය පිහිටා තිබුණේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලෙහි හා වත්මන් හමුදා කඳවුර ඉදිරිපිට ඇති පැරණි ගොඩනැගිල්ලකය.

රැංගුන් නැව  හෙවත් රාජකිය තැපල් නැව

ගිලී ඇති තැපැල් නැව

ගාලු බොක්‌කේ ගිලී ඇති ආර් එම් එස්‌ රැංගුන් නෞකාව ගාල්ලේ තැපැල් ඉතිහාසය හෙළිවන කදිම සාක්‍ෂියකි. එකල තැපැල් මළු හා විදේශීය ප්‍රවෘත්ති රැංගුන් නෞකාව මගින් මෙරටට රැගෙන විත් තිබිණි. එය වාෂ්ප නෞකාවකි. එය ඔස්‌ට්‍රෙලියාවේ සිඩ්නි නුවර හා ගාල්ල අතර තැපැල් සේවාවේත් මගී ප්‍රවාහන කටයුතුවලත් නිරතවූ නෞකාවක්‌ බවට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් කරනු ලැබූ ගවේෂණයකදී අනාවරණය වී ඇත. මෙම නෞකාව ලංකාව ආශ්‍රිත මුහුදු තීරයකදී ගිලීගිය පළමු මගී තැපැල් නෞකාව බවටද හඳුනාගෙන තිබේ.

“ගාලුවරායෙන් පිටත ගැඹුරු මුහුදේදී තමයි මෙම නෞකාව 1871.11.01 වැනිදා ගිලී ගොස්‌ තියෙන්නේ. දේශීය තැපැල් මළු තොගයක්‌ කුඩා බෝට්‌ටුවකින් රැගෙන එනතෙක්‌ මේ නෞකාව වරායෙන් පිටත ගැඹුරු මුහුදේ නතරකොට තිබියදී තමයි නැව ගිලීගොස්‌  තියෙන්න. නෞකාව දිය වැලකට හසුවෙලා කදිර් කියන ගලේ වැදිලා තියෙනවා. නැවේ පිටුපස තමයි මුලින්ම වැදිලා තියෙන්නෙ. ඊට පසු නැව ගිලෙන්නට පටන් අරගෙන තියෙනවා. නැවේ සිටි මගීන් අනූනමයෙන් තමයි ජීවිත බේරාගෙන තියෙන්නේ. පැය හයක්‌ යනවිට නැව සම්පූර්ණයෙන්ම ගිලීගොස්‌ තියෙනවා.“ 

“මේ නැවේ කපිතාන්වරයා වශයෙන්  ස්‌කෝටේ කියන පුද්ගලයා කටයුතු කරලා තියෙනවා. ඒ කාලයේ නැවේ වටිනාකම පවුම් 78000 ක්‌ වශයෙන් තමයි ඇස්‌තමේන්තු කරලා තියෙන්නේ. මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ කණ්‌ඩායම මේ නැව පිළිබඳ ගවේෂණය කළා.”

ඒ “අනුව මේ නෞකාව එංගලන්තයේ පි.ඇන්ඩ්.ඕ. සමාගමට අයත් එකක්‌. 1863.04.04. වැනිදා තමයි නෞකාව සේවයට එක්‌කොට තියෙන්නේ. ගාලු බොක්‌කේ ගැඹුරු මුහුදේ අඩි සියයක්‌ පමණ ගැඹුරේ තමයි මෙම නෞකාව දැනට තියෙන්නේ. මෙය යකඩ මෙන්ම වාෂ්ප නෞකාවක්‌. ලංකාවේ හමුවූ පළමු මගී තැපැල් නෞකාව වන්නේ මේ රැංගුන් නැවයි. මේ පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණය කිරීමේදී තමයි මෙම නෞකාව තැපැල් නෞකාවක්‌ බවට හඳු නා ගැනීමට හැකිවුණේ යැයි ගවේෂණයට එක්වු ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂකයෝ අප සමග කිහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිස්වන O.I.C තනතුරු ගන්න පොලිස් පිරිසක් දේශපාලකයින් ලඟ වැද වැටෙති!

Next Post

දියවඩන නිලමේට දූෂණ චෝදනා 43ක් යටතේ  පොලිස් පැමිණිල්ලක්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.