අද මල්වතු විහාරයට එක් වී ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සාකච්ඡා පවත්වමින් සිටින අතරතුර මින් පෙර මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් එම යෝජනා අනුව ක්‍රියාත්මකවන බවත් ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී තිබිණි.
මේ හේතුව නිසා අද මහා නායක හිමිවරුන් විසින් නිකුත් කිරීමට සූදානම්ව සිටි ප්‍රකාශයේ යම් වෙනසක් සිදුවූ බව වාර්තා වේ.
ඒ හේතුවෙන් රට අර්බුදයකට පත්වූ අවස්ථාවේ දී ජනතා අපේක්ෂා විනාශ කරමින් වගකීම් විරහිතව පසුගිය තෙදින තුළ ජනතා නියෝජිතයින් හැසිරුණු ආකාරය පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කිරීමට පමණක් උන්වහන්සේලාගේ නිවේදනය සීමා වුණු බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් උද්ගත වී ඇති වත්මන් අර්බුදය සමනය කිරීම සඳහා රාජ්‍ය නායකත්වය සමග මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමග නුදුරේදීම සාධණිය සාකච්ඡා පවත්වන බව ද උන්වහන්සේලා ප්‍රකාශ කර සිටිති.
එම නිවේදනය පහත දැක්වේ.






