ඔලිවියර් සම්මාන උළෙල බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය කලාවේ ඉහළ ම ගෞරවනීය සම්මාන උළෙල ලෙස ජාත්‍යන්තරව පිළිගනු ලබන සම්මාන උළෙලය. ඔලිවියර් සම්මාන, ලන්ඩනයේ වෘත්තීය රංග කලාවේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ලන්ඩන් රඟහල සංගමය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන්නේය.
2022 Laurence Olivier Awards හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ ශ්‍රී ලාංකික විශිෂ්ට යොවුන් කලා කරුවෙකි. ඔහු හිරාන් අබේසේකරය.

එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී ඔහු උලෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. ඔහුගේ විශිෂ්ට රංගනය ඇගයීමට ලක්වුනේ යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි.
‘ලයිෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යය ලොලිටා චක්රබාර්ට්ගේ නිර්මාණයක් විය. හොඳම නළුවා හිරාන් බවට නිවේදනය විනි. ඔහු මහා ප්රහර්ෂයකින් යුතුව පැමිණ සම්මානය අතට ගත්තේය.
අනතුරුව සම්මානයත් සමග මයික්‍රපෝනය අසලට ගියේය.
” මහත්වරුනි.. මගේ රට ශ්‍රී ලංකාව, ඔවුන් මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා.“ ඉංග්‍රීසියෙන් කී කතාව සිංහලයට පෙරළිනි.
“මචංලා.. මම උඹලට ආදරෙයි. ජය වේවා..!”
ඒ වචනවලින් කියැවුනේ කුමක් දැයි නොදැනුන බව සැබෑය. එහෙත් ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් හඬක් පැතිරිනි. සමහරවිට ඒ හිරාන්ගේ හැඟීමට විය හැකිය.
යහපත් හෙටක් වෙනුවෙන් අරගල භූමියේ ඉන්න ආදරණිය මිනිසුනි… උඹලා තනි වෙලා නෑ!







